ඉස්සර ජොක්කු විකුණද්දි කෑ ගහන්නේ මෙන්න මෙහෙමයි."අල ගෝනි කරනවා", "චණ්ඩියා මෙල්ල කරනවා", "මීයාට කූඩූවක්". අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. (අතිශයින්ම පිරිමින්ට පමණයි!!)
අපි මුලින්ම බලමු ඇයි අපිට යට ඇඳුම් අවශ්‍ය කියලා.
1. දහඩිය සහ ලිංගික ස්‍රාවයන් උරාගෙන ලිංගික ප්‍රදේශ පිරිසිඳුවත්,වියලිවත් තබා ගැනීමට.
2. වෘෂණ කෝෂ වලට අවශ්‍ය අධාරකයක් (support) ලබා දීම.
3. ශිෂ්ණය ප්‍රාණවත් වීම් බාහිරට නොපෙනෙන ලෙස පාලනය කිරීම.
4. Trouser Zip මගින් ලිංගික අවයව වලට සිදුවන අනතුරු හා ක්‍රීඩා කිරීමේදී ලිංගික අවයව වලට සිදුවන අනතුරු අවම කිරීමට උපකාරී වීම.
5. සමහර විට නාන ඇඳුමක් ලෙස හා සමහර විට arousing, erotic garment ලෙස භාවිතා කිරීමට.
ගොඩක් අය කැමති සුදු පාටට. මම නම් කැමති නෑ. මොකද එකපාරක් දෙපාරක් ඇන්දම අවර්ණ වෙන නිසා. නිකන් මඩ පාටට ඇඳගෙන යන්න මටම අප්‍රියයි. මේ තියෙන්නේ මම දන්න ජොක්කු වර්ග කීපයක් ඔයාලත් කැමති එකක් තෝරගෙන යටට ඇඳලා යන්න. අමතක නොකර. මොකද මල්ලි කියන දෙයක් නාහන නිසා!
1. බේසික් බ්‍රීෆ්ස් or බ්‍රීෆ්ස් (V-Cut ජොකා) - Briefs
2. ලෝ කට් බ්‍රීෆ්ස් (අඳින්න ලේසියි... ඇන්දම පහසුයී) - Low Rise Briefs/Hip Briefs
3. බොක්සර් ෂෝර්ට්ස් (ලේසියි පහසුයි බයානකයි) -Boxer Shorts
4. බොක්සර්ස් (ෆිට්ම තමයි) - Boxers/Boxer Briefs
5. ට්රුන්ක් (Trunk)
6. බිකිනි (ස්විම් වෙයාර්) - Bikini Briefs
7. ජොක්ස්ට්‍රැප් (පටි ජොකා) - Jockstrap
8. තොන්ග්ස් (අමුඩේ නිව් වර්ෂන්) - Thongs
9. ජී ස්ට්‍රින්ග් (බලාගෙන අඳින්නේ නූල කැඩෙයී) - G-Strings
අනිවා ගොඩාක් තදට අඳින්නත් හොඳ නැහැ. කපු වලින් කරපුවා තමයි ලංකාවට ගැලපෙන්නේ. නැත්නම් ශුක්‍රාණූ බල බිදෙනවා. ජොකාලෙ ලස්සන පෙන්න නං ඉතිං ඇඟත් නියමෙට තියෙන්ඩ ඕනේ.
අපි නිතරම පාවිච්චි කරන,අපේ ලගින්ම තිබෙන යට ඇඳුම් ගැන අපේ අවධානය යොමුවෙනවා අඩු වුනත් ඒ නිසාම අපිට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.උදාහරණ වශයෙන් පිරිමි මඳ සරු භාවය (Male Subfertility),වෘෂණ කෝෂවල නොයෙක් ප්‍රශ්න වගේම නොයෙකුත් ආසාදන රෝග වැරදි යට ඇඳුම් භාවිතය නිසා ඇති වෙන්න පුළුවන්.
අපි මුලින්ම බලමු ඇයි අපිට යට ඇඳුම් අවශ්‍ය කියලා?
1. දහඩිය සහ ලිංගික ස්‍රාවයන් උරාගෙන ලිංගික ප්‍රදේශ පිරිසිඳුවත්,වියලිවත් තබා ගැනීමට.
2. වෘෂණ කෝෂ වලට අවශ්‍ය අධාරකයක් (Support) ලබා දීම.
3. ශිෂ්ණය ප්‍රාණවත් වීම් බාහිරට නොපෙනෙන ලෙස පාලනය කිරීම.
4. Trouser Zip මගින් ලිංගික අවයව වලට සිදුවන අනතුරු හා ක්‍රීඩා කිරීමේදී ලිංගික අවයව වලට සිදුවන අනතුරු අවම කිරීමට උපකාරී වීම.
5. සමහර විට නාන ඇඳුමක් ලෙස හා සමහර විට Arousing, Erotic Garment ලෙස භාවිතා කිරීමට.
ජොක්කු ඇන්දේ නැති උන්දලාගේ "ලබ්බ බැහැලා" දැකලා අති. එත් ලබු බහින්නේ ඒ නිසාමද? නෑ. වෙන ලෙඩකටද? ඔව්. Hernia
පිරිමි යට ඇඳුම් වර්ග - Men Underwear Types
1. Briefs
ශ්‍රී ලංකාවේ පිරිමින් කලක පටන්ම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ Briefs/Bikini Briefs වර්ගයේ යට ඇඳුම්.නියම ප්‍රමිතියෙන් හා කපු රෙදිවලින් නිමවා ඇත්නම් මෙම යට ඇඳුම් වර්ගය නිතර පාවිච්චියට සුදුසු වර්ගයකි.කෙටි, සැහැල්ලු ස්වභාවය නිසා සිසිලස වැඩි අතර හොඳින් දහඩිය උරාගැනීමද සිදු කෙරෙයි.එමෙන්ම වෘෂණ වලටද හොඳ ආධාරකයක් (Support) ලබා දෙන අතර ශිෂ්ණය ප්‍රාණවත් වීම්ද පිටතට නොපෙනෙන ලෙස පාලනය කරයි.
2. Jockstraps
ශ්‍රී ලංකාවේ තවත් සුලබව භාවිතාවෙන යට ඇඳුම් මාදිලියක් නම් Jockstrap/Supporter වර්ගයයි.පටි ජොකා ලෙසද,සපෝටර් ලෙසද සාමාන්‍යය ව්‍යවහාරයේදී හැඳින් වෙන්නේ මෙම වර්ගයයි.මෙහි ඇති විශේෂ වැදගත් ලක්‍ෂණයක් නම් වෘෂණ වලට ඉතාම හොඳ ආධාරයක් ලබා දීමයි.එනිසාම විශේෂයෙන්ම ක්‍රීඩා කිරීමේදී හා කාය වර්ධන ව්‍යායාම් කිරීමේදී වෘෂණ කෝෂවලට අවශ්‍ය අමතර ආධාරකයක් ලබා දීමට හා ආරක්‍ෂාවක් ලබා දීම සඳහා මෙම යට ඇඳුම් වර්ගය භාවිතා කෙරෙනවා.එමෙන්ම වෘෂණ කෝෂවල යම් යම් ප්‍රශ්න ඇති තරුණයන්ට මෙන්ම Hernia Repair වැනි සැත්කම් වලින් පසුවද මෙම යට ඇඳුම් වර්ගය පාවිච්චි කිරීමට වෛද්‍යවරු උපදෙස් දෙනවා.
මෙම වර්ගයේ ඇති තවත් ඉතා වැදගත් වාසියක් නම් ඉන් ඇතිවන සිසිල් ස්වභාවයයි.මෙහි ඇති කෙටි හා පිටුපස නිරාවරණය වූ ස්වභාවය නිසා හොඳින් වාතාශ්‍රය ලැබී දහඩිය වාෂ්ප වී සිසිල් ස්වභාවයක් ලබා දෙනවා.සිරුරට දහඩිය දමන, සිරුරේ උෂ්ණත්‍වය වැඩි වන ව්‍යායාමවලදී මෙය ඉතාම වැදගත්.
මෙහි තවත් වැදගත් වාසි නම් ඉකිලිවල දහඩිය හොඳින් උරා ගැනීම,ශිෂ්ණය ප්‍රාණවත් වීම් හොඳින් පාලනය කිරීම හා සේදූ පසු ඉක්මණින් වියලීමයි.
මෙම යට ඇඳුම් වර්ගය පාවිච්චි කිරීමේදී සමහර තරුණයන් සිදු කරන වරදක් නම් වෙනත් යට ඇඳුමක් උඩින් මෙය ඇඳීම හෝ වෙනත් යට ඇඳුමක් මෙය මතින් ඇඳීමයි.supporter නිපදවා ඇත්තේ හා භාවිතා කළ යුතු වන්නේ තනි යට ඇඳුමක් ලෙසයි.
වෙනත් ඇඳුමක් මතින් Supporter ඇඳීමෙන් නිවැරදි ආධාරකයක් වෘෂණ වලට නොලැබෙන අතර වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක.එමෙන්ම වෙනත් යට ඇඳුමක් supporter එක මතින් ඇඳීමෙන් ද වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක.
විශේෂයෙන්ම මෙම වරද සිදු වන්නේ gym යන තරුණයන් අතරයි.සවස gym භවිතා කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමේදී සාමාන්‍යයෙන් පවිච්චි කරන Brief එක මතටම Supporter එක ඇඳීම සිදු කෙරනවා.
නමුත් නිවැරදි ආරක්‍ෂිත ක්‍රමය වන්නේ Brief එක ඉවත් කොට Supporter එක පමණක් යට ඇඳුම ලෙස ඇඳීමයි.එසේ නොමැති නම් Briefs වෙනුවට Supporter එකම සමාන්‍ය යට ඇඳුම ලෙස gym යන දිනවලට පමණක් හෝ එදිනෙදා භාවිතා කළ හැකියි.
Summary: පටි ජොකා (jockstrap) යනු පොදුවේ සපෝටරය ලෙස කොල්ලන් හදුන්වන පිරිමින් අදිනා යට ඇදුම් විශේෂයකි.. ක්‍රීඩා කරන අය අතර ඉතා ජනප්‍රියය. පිටුපස කොටස නොමැති අතර ඒ වෙනුවට ඇත්තේ පටි දෙකක් හෙයින් එය පටි ජොකා නම් වෙයි. පටි ජොකා ඉතා අවලස්සනය. බෑන්ඩ් ගහන කාලයේ පටිජොකා ඇදීම සැමටම අනිවාර්යය.. විශේෂයෙන් ඉතා දැඩි වෙහෙසක් ගෙන පිඹීමෙන් වාදනය කල යුතු ට්‍රම්පට්,තොම්බ්‍රෝන්,සැක්සෆෝන්,ටියුබා, සූසාෆෝන්, ක්ලැරිනට් වැනි වාද්‍ය භාණ්ඩ භාවිතයේදී ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු අවම කිරීම එහි පරමාර්ථයයි.
3. Thongs
අප රටේ පිරිමින් අතර එතරම් භාවිතා නොවන අනෙක් යට ඇඳුම් වර්ගය නම් Thong මාදිලියයි.විශේෂයෙන්ම මෙම වර්ගය භාවිතා වන්නේ තද, තුනී කලිසම් ඇඳීමේතදී යට ඇඳුමේ පටි/දාර පිටතට පෙනීම වැළැක්වීමටයි.විශේෂයෙන්ම පිරිමි Ballet Dancers පාවිච්චි කරන්නේ මෙම වර්ගයයි.මෑතදී පිරිමි erotic wear ලෙස මෙම වර්ගය බහුලව භාවිතා වන අතර Male strippers අතරද බහුලවම භාවිතා වෙයි.
4. Tanga
මෙම Tanga මාදිළියද Briefs වර්ගයේම එකකි.මෙම වර්ගය ඉදිරි පස Jockstrap මෙන් සකසා ඇති මුත් පිටු පස සම්පූර්ණයෙන්ම ආවරණය වේ.මෙමගින් සාමාන්‍යය brief එකකට වඩා support එකක් ලැබෙන අතර සාම්ප්‍රදායික උතුරු ඉන්දියානු පිරිමි යට ඇඳුමට සමාන කමක් දක්වයි.
5.Male G strings and Erotic wear
බටහිර රටවල කාන්තාවන් මෙන්ම පිරිමින් ද ලිංගික හැසිරීමට පෙර foreplay සඳහා නොයෙක් දේ භාවිතා කරති.සිය සහකාරිය උපරිම ලෙස උද්දීපනය කිරීමට foreplay සඳහා භාවිතා වන යට ඇඳුම්ද ඒ අතර ප්‍රමුඛ තැනක් ගනී. G String වර්ගය එවැන්නකි.
මේ String මාදිළියෙහි ඇත්තේ ඉන වටා ඇති පටිය පමණකි.එය බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා වලදී ඉකිලි කැපීම වැළැක්වීම සඳහා නිර්මාණය වූවකි.එය Erotic wear වශයෙන්ද අද භාවිතා වෙයි.
6. Boxer Briefs
මීට අමතරව තවත් බටහිර රටවල භාවිතා වන Long Jones, Boxers, Boxer Briefs, Compression shorts වැනි මාදිලි රැසක් ඇතත් ඒවා ශ්‍රී ලංකාව වැනි උෂ්ණධික රට වලට එතරම් සුදුසු නැත.
මෑතදී ශ්‍රී ලංකාවේද තරමක් ප්‍රචලිත වූ Boxer Brief වර්ගයද එවැන්නකි.කොට කලිසම්/Shorts වැනි එවැනි දෑ යට ඇඳුම් ලෙස උෂ්ණාධික පරිසරවලට එතරම් සුදුසු නැත.බොහෝ විට එවැනි දේ නිපද වෙන්නේ ශීත රට වලට පමණක් සුදුසු රෙදි වර්ග වලිනි.එමෙන්ම ඒවායින් උෂ්ණ රටවලදී වෘෂණවලට අවශ්‍ය ආධාරයක් සැපයෙන්නේද නැත.එමෙන්ම ඉකිලිවල දහඩිය උරා ගැනීමක්ද සිදු නොවේ.බොහෝ ප්‍රදේශයක් අනවශ්‍ය ලෙස ආවරණය වන නිසා උෂ්ණත්වයද අනවශ්‍ය ලෙස ඉහළ යයි.දීර්ඝ කාලීනව එවනි නුසුදුසු යට ඇඳුම් භාවිතා කිරීම නිසා මඳ සරු භාවය ඇතුලු නොයෙක් ප්‍රශ්න ඇති විය හැක.
පොදුවේ ගත් කල හොඳින් දහඩිය උරාගන්නා කපු රෙදි වලින් නිමවූ, අප රටට ගැළපෙන මාදිළියක යට ඇඳුම් භාවිතා කළ යුතුයි.එමෙන්ම ඒවා හොඳ ප්‍රමිතියකින් නිමවා තිබීමද වැදගත්.නැතිනම් ඉකිලි තුවාල වීම වැනි ප්‍රශ්නද,විවිධ ආසාදනද ඇති විය හැකියි.
අනෙක් වැදගත්ම කරුණ නම් තමන්ට හරියටම සරිලන ප්‍රමානය (size) තෝරා ගැනීමයි.විවිධ මාදිළි විවිධ මිමි වලට නිපදවා ඇති නිසා අනිවාර්‍යයෙන්ම ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි.
යට ඇඳුම් ඇඳීමේදී සමහර තරුණයන් කරන වරදක් නම් යට ඇඳුම උඩින් තවත් යට කලිසමක්/Shorts/Boxers ඇඳීමයි.මෙය ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවලට සුදුසු නෑ.එමගින් වෘෂණ වල උෂ්ණත්වය වැඩිවී නිසරු භාවය ඇති විය හැකියි.
එමෙන්ම සේදීමකින් තොරව එක් වරකට වඩා යට ඇඳුමක් ඇදීම සුදුසු නැහැ.දහඩිය,ලිංගික ස්‍රාවයන්,මුත්‍රා බිඳිති උරගත් පසු යට ඇඳුම් විෂ බීජ වර්ධනය වීමට හොඳ මාධ්‍යයක්.එමගින් විවිධ ආසාදන රෝග ඇති විය හැකියි.එනිසා සෑම දිනකම යට ඇඳුම් සේදීමත්, හොඳින් අව්වේ දමා වේලා ගැනීමත් වැදගත්.හොඳින් වේලා නොගත හොත් විවිධ පුස් වර්ග වර්ධනය විය හැකි අතර,වරක් වර්ධනය වූ පසු ඒවා ඉවත් කිරීම ඉතා අපහසුයි.යට ඇඳුම්,විශේෂයෙන්ම තෙත රැඳෙන දාර Iron කළ හැකිනම් එය ඉතා හොඳයි.
එමෙන්ම සිරුරේ තෙත ගතිය ඇති විට,විශේෂයෙන්ම නෑමෙන් පසු ලිංගික අවයව,ඉකිලි ප්‍රදේශ හොඳින් පිස දැමීමෙන් පසුව පමණයි යට ඇඳුම් ඇඳිය යුත්තේ.
ඇත්තෙන්ම අනෙක් ඇඳුම් වලට සාපේක්‍ෂව යට ඇඳුම් වලට අපි දක්වන අවධානය අඩුවුනත් ඇත්තටම සෞඛ්‍යය පැත්තෙන් බලනකොට යට ඇඳුම් හරිම වැදගත්.ඒ නිසා අද ඉඳන් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.
7. ට්රුන්ක් (Trunk)
බ්‍රීෆ්ස් යට ඇඳුම් වලට පසු පිරිමින්ට ඇති හොඳම යට ඇඳුම් මෙයයි. බ්‍රීෆ්ස් සහ බොක්සර් බ්‍රීෆ්ස් හි හොඳම විශේෂාංග ඒකාබද්ධ කිරීමෙන් නිෂ්පාදනය කරන ලදී. මේ යට ඇඳුමේ බොක්සර්ස් යට ඇඳුමේ කකුල් වගේ දිග නැහැ
පිරිමි ඔබ යට ඇඳුම් තෝරා ගන්නා විට මේ ගැනත් සිතනවා ද?
කාන්තා පාර්ශවය ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමේ දී පැය ගණන් වරු ගණන් වැය කර හොඳම හා සිතට සරිලන ම ඇඳුම පැළඳුම තෝරා ගත්තත් පිරිමි පාර්ශවය බොහෝ විට එයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. අප ඇඳුම් තෝරා ගන්නා විට බොහෝ විට මිල, වර්ණය යන කාරණා පිළිබඳ ව වඩා සැළකිලිමත් වනවා. නමුත් වෙළඳ පොලේ විවිධ සන්නාම හා විවිධ තේමා යටතේ ඇති යට ඇඳුම්වලින් ඔබට සුදුසු ම කුමක්ද යන වග ගැන බහුතරයක් අයට නිසි අවබෝධයක් නැහැ. මෙලෙස ඔබ නො සිතා මිලට ගන්නා යට ඇඳුම්වලින් ඔබට නො සිතූ ප්‍රතිඵල ලබා දෙන බව ඔබ නො දන්නවා වන්නට පුලුවන්. මේ නිසා යට ඇඳුම් තෝරා ගැනීමේ දී පහත කරුණු අවධානයට ගෙන මිලදී ගැනීමෙන් ඔබට අහිතකර ප්‍රතිඵල අත් විඳින්නට වන්නේ නැහැ.
1. කපු සුව පහසු යට ඇඳුම් තෝරා ගැනීම
බොහෝ අය යට ඇඳුම් මිලට ගන්නා විට එහි අමු ද්‍රව්‍ය පිළිබඳ සැළකිලිමත් වන්නේ නැහැ. නමුත් ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ වඩාත් සුදුසු කපු ඇඳුම් තෝරා ගැනීමයි. එයට හේතුව අපේ රටේ උෂ්ණාධික බව සහ ආර්ද්‍රතාව ඉහළ යාම නිසා නිතර දහදිය දැමීම සිදු වීමයි. මින් ශරීරයේ විවිධ සංකූලතා මතු වන්නට ඉඩ කඩ තිබෙනවා. මෙසේ සිදු විය හැකි සංකූලතා ලෙස,
බොහෝ අය යට ඇඳුම් මිලට ගන්නා විට එහි අමු ද්‍රව්‍ය පිළිබඳ සැළකිලිමත් වන්නේ නැහැ. නමුත් ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ වඩාත් සුදුසු කපු ඇඳුම් තෝරා ගැනීමයි. එයට හේතුව අපේ රටේ උෂ්ණාධික බව සහ ආර්ද්‍රතාව ඉහළ යාම නිසා නිතර දහදිය දැමීම සිදු වීමයි. මින් ශරීරයේ විවිධ සංකූලතා මතු වන්නට ඉඩ කඩ තිබෙනවා. මෙසේ සිදු විය හැකි සංකූලතා ලෙස,
- ශරීරයේ කැසීම නිසා බැක්ටීරියා ආසාදනයන් සිදු වීම
- දද හා කුෂ්ඨ රෝග සෑදීම
- දුර්ගන්ධයක් වහනය වීම
- මුත්‍රා ආසාදන ඇතිවීම
ආදිය සිදු වන්නට ඉඩ ඇත. සිල්ක්, නයිලෝන් ආදී රෙදිවලින් නිම වූ යට ඇඳුම් දහදිය උරා ගැනීමක් සිදු නො කරන බැවින් තෙතමනය සහිත පරිසරයක ඇති වන දිලිර හා බැක්ටීරියා ආසාදන වැඩි වශයෙන් හට ගැනීමේ ඉඩක් පවතිනවා. එසේ ම මේ නිසා අධික දුර්ගන්ධයක් ඇති වන්නට ද පුලුවන්. එබැවින් නිතර ම යට ඇඳුම් තෝරා ගන්නා විට කපු ඒවා තෝරා ගන්නට මුල් තැනක් දෙන්න.
2. වර්ණය
වර්ණය පිළිබඳ ව අවධානය යොමු කරන විට බොහෝ විට ඇඳුමට ගැළපෙන ලෙස නැතහොත් ඇසට ප්‍රිය ලෙස එසේත් නැතහොත් ඔබ වඩාත් කැමති ම වර්ණයන්ගෙන් යුත් යට ඇඳුම් තෝරා ගැනීමට ප්‍රමුඛත්වය දෙනවා. නමුත් එය වැරදි ආකල්පයකි. ඉහත සඳහන් කළ ආකාරයට අපේ රට ඝර්ම කලාපීය රටක් නිසා අධික හිරු රශ්මියක් ලැබෙනවා. ඒ හිරු කිරණ සමඟ එන පාරජම්බුල කිරණ තුළින් චර්ම පිළිකා ඇති වීමේ අවදානමක් තිබෙනවා. එම කිරණ හොඳින් ම උරා ගන්නේ අඳුරු පැහැයන් වේ. සුදු, සහ ළා පැහැ වර්ණ මෙම අහිතකර කිරණ උරා ගැනීම අවම කරන අතර රතු සහ අඳුරු වර්ණ පාරජම්බුල කිරණවලට ශරීරයට පතිත වීමේ අවස්ථාව වැඩි කර දෙනවා. එම නිසා යට ඇඳුම් තෝරා ගැනීමේ දී වර්ණය පිළිබඳ ව ද සැළකිලිමත් වන්න.
3. ශරීරයේ ප්‍රමාණයට අනුව යට ඇඳුම් තෝරා ගන්න.
ශරීරයට හිර වූ යට ඇඳුම් ඇඳීම ඉතා අයහපත් පුරුද්දක් වනවා. බොහෝ දෙනා ඉතා තද අපහසු යට ඇඳුම් තෝරා ගැනීම නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ශුක්‍රාණු වර්ධනයට ද බාධා ඇති වනවා. ශුක්‍රාණු නිපදවීම සඳහා ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වනවා. සිරුරට හිර යට ඇඳුම් ඇඳීම නිසා ශරීර උෂ්ණත්වය ඉහළ ශුක්‍රාණු නිපදවීමේ කාර්යය හීන කරනවා. මෙය මද සරුබාවයට ද හේතුවක් සේ පසුගිය දා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් කළ සොයා ගැනීමකින් තහවුරු වී තිබෙනවා. මේ නිසා ශරීරයට පහසු සැහැල්ලු යට ඇඳුම් තෝරා ගන්නට වග බලා ගන්න.
යට ඇඳුම් අපට අවශ්‍ය වන්නේ ශරීරයේ සංවේදී මෙන් ම පෞද්ගලික අවයවයන්හි ආරක්ෂාව, එදිනෙදා කටයුතු කිරීමේ දී ශරීරයට සුව පහසුව සඳහා ය. එබැවින් මින් පසු ඔබට සුව පහසුව සලසන ශරීරයට හානිදායී නොවන යට ඇඳුම් තෝරා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දීමට උත්සුක වන්න.
පැකේජ් එකට හරියන විදියේ අන්ඩර්වෙයාර්ස් තෝරගන්නේ මෙහෙමයි!
අද කියන්න යන්නේ අතිශයින්ම පිරිමින්ට පමණයි දෙයක් කිව්වට, එහෙමම නෑ. දැන් සාමාන්‍යයෙන් පිරිමියෙක් ගිහින් තමන්ට යටඇඳුම් තෝරගන්නවා තමයි. යටඇඳුම් කියලා කිව්වට මෙතනදී අපි කියන්නේ බැනියම් ගැන නෙවෙයි. යට කලිසම්, අන්ඩර්වෙයාර්, ලංකට්, ට්‍රන්ක්, ජොක්කු වගේ නානාප්‍රකාර නම් වලින් හැඳින්වෙන, පිරිමි යටිකයට අඳින යට ඇඳුම් ගැන තමයි මේ කියන්නේ. ලේසියට මෙතන ඉඳලා අන්ඩර්වෙයාර්ස් කියලා කියමු. එතනදී සමහර වෙලාවට අපේ අම්මා, ගර්ල්ෆ්‍රෙන්ඩ්, වයිෆ් එහෙමත් අපිට යටඇඳුම් තෝරනවනේ. ඒ නිසා කාන්තා පාර්ශවයත් මේක කියෙව්වට කමක් නෑ.
දැන් පැකේජ් එකට හරියන්න අන්ඩර්වෙයාර්ස් තෝරමු කියලා කියපු ගමන් කොල්ලෝ හිතන දෙයක් තියෙනවා. ඔව්, ඒ තුනේ පැකේජ් එකත් සැහැල්ලුවෙන්, ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න අපි අඳින අන්ඩර්වෙයාර්ස් වලට පුළුවන් වෙන්න ඕන තමයි. හැබැයි ඒ ඇරෙන්න පොදුවේ අපේ සමස්ත යටිකය ගැනම හිතලා තමයි අන්ඩර්වෙයාර්ස් තෝරගන්න ඕන. එහෙම නැතුව ගිහින් සයිස් හරි නම් ඕන ජොකෙක් උස්සගෙන එන එක නෙවෙයි අන්ඩර්වෙයාර්ස් තෝරනවා කියන්නේ.
එහෙමනම් බලමු සරලවම අන්ඩර්වෙයාර්ස් තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් කීපයක් ගැන.
1. අන්ඩර්වෙයාර් වර්ග
ඇත්තටම ෆැෂන් පැත්තෙන් බැලුවොත් එහෙම පිරිමින්ට අඳින්න අන්ඩර්වෙයාර්ස් ජාති ගණනාවක්ම තිබුණත්, අපිට එදිනෙදා ජීවිතේට වැදගත් වෙන්නේ වර්ග කීපයක් විතරයි.
බොක්සර් බ්‍රීෆ්ස්: මේවාට තමයි සමහරු ට්‍රන්ක්ස් කියලත් කියන්නේ. සාමාන්‍යයෙන් ඉණෙන් ටිකක් ඉහළට වෙන්න අඳින මේවා කලවා වලින් භාගයක් විතර වැහෙන්න තියෙනවා.
බ්‍රීෆ්ස්: සාමාන්‍යයෙන් මේ බ්‍රීෆ් කියලා හඳුන්වන ජොක්කු නම් ඇඳපු නැති කෙනෙක් හොයාගන්න නැතුව ඇති. මෙව්වා සාමාන්‍යයෙන් පැකේජ් එක සහ කලවා වල උඩ හරිය වැහෙන්න තරමට තියෙනවා. හැබැයි බ්‍රීෆ්ස් වලත් වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ low rise, mid rise සහ full rise කියලා. මේ තුනේ වෙනස්කම් වෙන්නේ කලවා වල කොයි තරම් ප්‍රමාණයක් වැහෙනවද කියන කාරණාව තමයි. ඒ කියන්නේ low rise බ්‍රීෆ් වල යන්තම් කලවා වල උඩ හරිය වැහෙනකොට, full rise වල පැකේජ් එකට පොඩ්ඩක් උඩ හරියට එනකල්ම කලවා වැහෙනවා.
බොක්සර් ෂෝට්ස්: මේවා ලූස් කොට කලිසම් වගේ. සාමාන්‍යයෙන් දණහිස් වලින් අඟලක් දෙකක් උඩට යනකල් දිගට තියෙනවා.
ජොක්ස්ට්‍රැප්ස්: මෙව්වා පටි ජොක්කු කියලත් හඳුන්වනවා ලංකාවේ කොල්ලෝ. මේකෙන් ඉස්සරහා පැකේජ් එකට උපරිම සපෝට් එක ලැබෙනවා.
ටයිට්ස්: මේවත් එදිනෙදා අඳිනවට වඩා ස්පෝර්ට්ස් කරන අය අඳින, හොඳ සපෝට් එකක් පැකේජ් එකට වගේම කකුල් වලටත් ලැබෙන යට ඇඳුම් වර්ගයක්.
2. තව එව්වා තියෙනවද?
අපොයි ඔව්. එදිනෙදා ජීවිතේ අඳින්න ප්‍රසිද්ධ නැති වුණත්, තව ජාති තියෙනවා. මේ සමහර අන්ඩර්වෙයාර්ස් නම් අඳින්න කොල්ලෙක් ලැජ්ජාවෙන් ඇඹරෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මෑන්කිනි කියලා හඳුන්වන, පිරිමින්ගේ බිකිනි සූට් කියන්න පුළුවන් අන්ඩර්වෙයාර් එක. ඇත්තටම වෙරළේ අව්ව තපින්න, පීනන්න යන්න විතරක් නෙවෙයි, මොඩ්ලින් කරන්නත් දැන් දැන් මෙව්වා අඳිනවා. එතකොට තොන්ග්ස්, ටන්ගා, ජී-ස්ට්‍රින්ග්ස්, සී-ස්ට්‍රින්ග්ස් එහෙමත් පිරිමි වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. එව්වා අඳින්න ඕන ගැහැණු උදවිය විතරයි කියලා නියමයක් නැහැනේ. දැන් ඔය පිරිමින්ට තියෙන ජී-ස්ට්‍රින්ග් එකක් එහෙම වෙරළේ නිදහසේ ඉන්න වෙලාවකට එහෙමත් හොඳයි. එතකොට සී-ස්ට්‍රින්ග්ස් එහෙම නම් ඉතින් අනිවාර්යයෙන්ම සෙක්ස් කරනකොට එහෙම අඳින්න තමයි තේරුමක් තියෙන්නේ.
3. බොක්සර් ෂෝට්ස්?
මේක ඔය තනියෙන් අන්ඩර්වෙයාර් තෝරන්න පටන් ගන්න කාලේ කොල්ලෝ ගොඩක් වෙලාවට කරන වැරැද්දක්. ඒ තමයි බොක්සර් ෂෝට්ස් තෝරගන්න එක. ඇත්තටම බොක්සර් ෂෝට් එකක් ලූස් එකේ තියෙන නිසා ඇඳලා ඉන්න පහසුයි. හැබැයි ඊට උඩින් කලිසමක් එහෙම ඇන්දහම ඒ තරම් ලස්සනක් නම් එන්නෙ නෑ. විශේෂයෙන්ම ටයිට් ජීන්ස් එකක්, ස්ලිම් ෆිට් එකක් එහෙම ඇන්දහම වස කැතයි. ඇයි? බොක්සර් එක අර ලූස් එකට තියෙන විදියට නිර්මාණය කරලා තියෙන රෙදි සහ අමතර අවකාශයම ස්ලිම් ෆිට් එකක් ඇතුළට එබුවහම ඒක පේන්නෙ නැද්ද පිම්බිලා? ඒ මදිවට හිතන සුව පහසුව ලැබෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ඔය බීච් එකේ ඇවිදින්න යන්න වගේ දේකට බොක්සර් ෂෝට්ස් ඇන්දට, එදිනෙදා පාවිච්චියට හරියන්නෙ නෑ.
4. කුට්ටම හිර වෙලා ඕයි!
අනික් ඇඳුම් වගේම තමයි, යටඇඳුම් තෝරගන්නකොටත් නිකම්ම ඇහේ මිම්මට බලලා අරගෙන හරියන්නෙ නෑ. හරියට සයිස් එක බලලා තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් ඔය සයිස් තෝරනකොට ඒක යුනිවර්සල් සයිස් චාට් එකකට අරගෙන හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ සමහර බ්‍රෑන්ඩ්ස් වල ස්මෝල් කියලා තියෙන සයිස් එක ඉණ අඟල් 28-30 ත් අතර නම්, තවත් බ්‍රෑන්ඩ් එකක ස්මෝල් කියලා එන්නේ ඉණ අඟල් 30-32 ත් අතර වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා සැලෙන්න එපා. කන්ෆියුස් වෙන්නත් එපා. ඊලඟ වතාවේ ජොක්කු ගන්න ගියහම පොඩ්ඩක් පෙට්ටිය ඉල්ලගෙන බලන්න. බ්‍රෑන්ඩඩ් වුණත්, එහෙමට කියලා බ්‍රෑන්ඩ් එකක් නැති වුණත්, පෙට්ටියේ තියෙනවා ඉණ ප්‍රමාණයන් එක්ක කොහොමද S, M, L. XL, XXL විදියට වෙනස් වෙන්නේ කියලා. දැන් ටේප් එක අරගෙන ඉණ මැනලා බලන්න. ඊට පස්සේ ඒ ඉණ ප්‍රමාණයට අදාළව ගන්න යන බ්‍රෑන්ඩ් එකේ තියෙන සයිස් වලින් තෝරලා ගන්න.
මේ සිස්ටම් එක අවුල් වෙන්නේ අර කෑලි තුනක් සීයයි කියලා ගොඩ ගහලා විකුණන තැනකින් ජොක්කු ගන්න ගියහම තමයි.
5. සයිස් මැටර්ස් කියන්නේ මේකයි!
ඇත්තටම ජොකාගේ සයිස් එක, තමන්ගේ කුට්ටමේ සයිස් එක, කළවා ඇතුළු යටි කයේ සයිස් එක එක්ක ගාණට මැච් වෙන්න ඕන. ආන්න ඒක තමයි උඩ කාරණාවෙන් කියන්නේ. ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් පිරිමි යටඇඳුම් වුනත් හොඳින් ඇදෙන සුළුයිනේ. එතකොට නිකමට හිතලා බලන්න ප්‍රමාණයට වඩා කුඩා යටඇඳුමක් ගත්තා කියලා. ඒ කියන්නේ මීඩියම් සයිස් ඩයල් එකක් ස්මෝල් යටඇඳුමක් ගත්තා වෙන්න පුලුවන්. ආන්න එතකොට යට ඇඳුමේ වාටි වලට කකුල් හිරවෙනවා. ඇවිදිනකොට කැපෙන්න පටන් ගන්නවා. කුට්ටමත් අවශ්‍ය තරමට වඩා යටඇඳුමට තද වෙනවා. අපි නැගිටිනකොට, වාඩිවෙනකොට, ඇවිදිනකොට ඒක පුදුමාකාර අපහසුතාවයක් ගේනවා. ආන්න එතකොට තමයි වොෂ් රූම් එකට ගිහිල්ලා ජොකා හරියට කුට්ටමට සෙට් කරලා ආයෙමත් හදාගන්න සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපේ ප්‍රජනන පද්ධතියේ ඉතා වැදගත් අංගයක් වෙන වෘෂණ කෝෂත් පමණට වඩා හිර වෙලා තියෙනවා කියන්නේ, අනවශ්‍ය ගැටළුවක්. දවසකට පැය අටක් දහයක් විදියට දීර්ඝ කාලීනව එහෙම අනවශ්‍ය විදියට ටයිට් එකට අන්ඩර්වෙයාර් අඳිනවා කියන්නේ සෞඛ්‍ය ගැටළු එහෙමත් මතුවෙන්න පුළුවන් කියන එක තමයි. එතකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලූස් තියෙන අන්ඩර්වෙයාර් එකක් ඇන්දහමත් ඊට වඩා වෙනස් අපහසුතාවයන් දැනෙන්න පටන් ගන්නවා. කකුල් දිගේ රූටන ගතිය, කලිසමත් එක්ක පහළට ඇදිලා එන එක එහෙම ඉන් කීපයක්.
අන්න ඒ නිසා තමන් ගන්නේ ඉණේ ගාණට බොක්ස් එකේ ගහල තියෙන චාට් එකට අනුව සයිස් එක තෝරලා වුණත්, තමන්ට අපහසු තරමට හිරයි නම් හෝ අපහසු තරමට බුරුලයි නම් ඒවා අඳින්න එපා.
6. මැටීරියල් එක සනීපයිද?
ඔය ෂර්ට් එකක් කලිසමක් එහෙම ලේසියෙන් දාඩිය උරාගන්නේ නැති කෘත්‍රිම රෙද්දකින් මහලා තියෙනකොට, එව්වා රස්නේ දවසකදී ඇඳගෙන ඉන්නකොට දැනෙන ආතල් එක විඳලා තියෙනවද? ආන්න ඊට විසිගුණයකින් හපන් අපහසුවක් තමයි, සමට සුමුදු නැති, දහදිය එහෙම උරාගන්නවා හොර මැටීරියල් එකකින් මහපු ජොකෙක් ඇඳලා ඇවිදිනකොට කරනකොට දැනෙන්නේ. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ ජොකෙක් ගන්නකොට ඒක මහලා තියෙන ෆැබ්‍රික් එක නැතිනම් රෙදි වර්ගයත් වැදගත් කියලා. සාමාන්‍යයෙන් දැන් වෙළඳපොළේ තියෙන හැම අන්ඩර්වෙයාර් වර්ගයක්ම වගේ මහලා තියෙන්නේ, බැලු බැල්මට සුවපහසු රෙදි වලින්. හැබැයි ඒ බැලූබැල්මට කියන කාරණාව ගැන දෙපාරක් හිතන්න ඕන. ඒකෙන් දහදිය උරාගැනීම වගේම හොඳ වායු සංචරණ හැකියාවක් ලබාදෙන එකත් වෙන්න ඕන.
විශේෂයෙන්ම ඔය පොඩ්ඩක් ඇඟපත ලොකු, වැඩිපුර දාඩිය දාන, එතකොට දිලීර වගේ චර්ම රෝග එහෙම තියෙන වගේ අයට අනිවාර්යයෙන්ම කියන්නේ කපු රෙද්දෙන් මහපු අන්ඩර්වෙයාර්ස් තෝරගන්න කියලා තමයි. ඒ ඇරෙන්න ජිම් යන කොල්ලෝ එහෙම ගන්න ස්පෝර්ට්ස් අන්ඩර්වෙයාර් ගොඩක් වෙලාවට එන්නේ නයිලෝන් රෙද්දෙන් මහලා. පොලිඑස්ටර් වලින් මහපු අන්ඩර්වෙයාර්ස් හිතාගන්න බැරි තරම් සිහින් සහ සැහැල්ලු වුණත්, ලංකාව වගේ අවුරුද්දේ වැඩිකාලයක් අවුව තියෙන රටකට ඒ තරම් සෙට් වෙයිද කියන එක ප්‍රශ්නයක්.
7. බ්‍රීෆ්ස්, බොක්සර් බ්‍රීෆ්ස් සක ට්‍රුන්ක්
දැන් පැහැදිලි වෙන්න ඕන, තමන්ට ගැලපෙන ජොක්කු තෝරගන්නකොට, තමන් ඒක අඳින අවස්ථාව වැදගත් වෙනවා කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, පටි ජොකෙක් ඇඳගෙන ඔෆිස් යන එක අප්සට් වගේම, බ්‍රීෆ් එකක් ඇඳගෙන ජිම් යන එකත් අප්සට්. එතනදී තමන් අඳින ඇඳුම මොකද්ද කියාන එකත් බලපානවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොම වුණත් එදිනෙදා භාවිතය ගැන හිතුවොත්, බ්‍රීෆ්ස්, ට්‍රුන්ක් සහ බොක්සර් බ්‍රීෆ්ස් තමයි ඕනම වයසක, ඕනම ශරීරයක් තියෙන කෙනෙක්ට ගැලපෙනම යටඇඳුම් වර්ගය කියලා කිවුවොත් වැරදි නැහැ.
කඩේ කොල්ලත් එක්ක ලංකට් තෝරන එක අමුතුම ආතල් එකක්
පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?
අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව.
නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්.
මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාරිය උනත් මේ දෙකට භාවිතා කරල තියෙන ක්‍රම දෙක අහස පොලව වගේ වෙනස්.
අන්න ඒ වෙනසදි අපේ ස්වදේශී අමුඩයෙන් ඉතාමත් විශිෂ්ට විදියට ඒ කාර්ය ඉටු උනත් පටි ජොකාගෙ අතුරු අන්තරා ගොඩයි
අපි මුලින් බලමු පටි ජොකා අපේ ඇඟට තද වෙන විදිය,
පටි ජොකාගෙ තද ඉලාස්ටික් පටිය මුලින්ම ඉනට තද වෙනව,
ඒකෙදි ඉනේ සම සම්පීඩනයකට භාජනය වෙනව වගේම සිහින් නහර වලට රුධිර පීඩනය අඩු වීම, වගේම සමහර තැන් වලට වැඩි වීම සිද්ධ වෙනව , මේ නිසා ඒක ගලවපු ගමං එතන රතු වෙලා පාර හිටල තියෙනව දැක ගන්න පුලුවං.
ඊලඟට තට්ටම් දිගේ ඇවිල්ල ඉකිලියට යටින් යන පටි දෙක , මේ පටි දෙකට කකුලේ කලව මුල, (කකුලේ ගුද මයිල් ඇති තැන) තද වීම සහ දාඩිය උරා නොගැනීම නිසා කැපී යන්න පුලුවං වගේම ඟද වෙනව, සහ මජං වගේ කුනු එකතු වෙනව.
ඒ වගේම ඉස්සරහ පැත්තෙන් මේකට හිර වෙන්නෙ ඇට දෙක විතරක් නෙමෙයි පයියත් හිර වෙනව,
මේ ඔක්කොම එකට හිර කරගෙන බර උස්සද්දි හෝ වෙන ක්‍රියාවක් කරද්දි පයියේ සාමාන්‍ය රුධිර ධාරිතාවය සම්පීඩනය හේතුවෙන් අඩු වෙලා පයිය ඇකිලෙනව,
ජිම් යන කොල්ලො ඔය දුක කියනව ඇහිලත් ඇති සමහර විට.
දැං අමුඩෙ ගැන බලමු..
අමුඩෙ ගහද්දි ඉනේ නූල බැඳල, අමුඩ ලේන්සුව අරං පස්ස පැත්තෙ පුකේ දාරෙ මැදින් තියල අර නූලට කොනක් යට කරනව, ඊට පස්සෙ අරගෙන ඇට දෙකයි පයියයි හොඳට අහු වෙන විදියට කකුල් දෙක මැදින් අරගෙන අර නූලෙ යටින් දාල ඉස්සරහට කරල විහිදවනව.
මේකෙදි ශරීරයේ කිසිම අවයවයකට අනවශ්‍ය විදියට තදවීමක් ඇති වෙන්නෙ නෑ. පයියේ ලේ ටික තද වෙලා ඇතුලට යන්නෙත් නෑ, ලබ්බ බහින්නෙත් නෑ , ඒ වගේම උදේ පාන්දර අව්වෙ අමුඩෙ ගහං වැඩ කරද්දි ඒ මිනිහ පුදුම පෝෂනයක් ලබනව මුලු සිරුරම පිරිසිදු වාතයට සහ ඉර එලියට නිරාවරනය වීමෙන්.
දැං අමුඩෙ ගහගෙන වැඩ කරන්න සුදුසු පරිසරයක් හැම තැනම නැති උනත්, තාම එහෙම ඉන්න පුලුවං තැං තියෙනව අන්න ඒ තැන ඉඳං අඟලෙන් අඟල අමුඩය භාවිතය ව්‍යාප්ත කල යුතුයි.
ඔයාලා අවුරුදු කීයෙදිද ඉස්සෙල්ලාම ජොකෙක් ගැහුවෙ? ජොක්කු අදින්න පටන් ගත්ත විදිහ ගැන Comment කියන්න
ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවනම් අපට ලියන්න.
Thank You : man.lk, siragekamare.blogspot.com, maathalan.blogspot.com, tarunayaa.blogspot.com
Keywords: ලන්කට්, ජොකා, Jokaa, පිරිමින් යට ඇඳුම් ඇඳීමට කැමති ඇයි, හැමදාම ජොක්කු අදින්නෙ
මම ඉස්කෝලේ 6 වසරේ ඉන්නකාලෙ මම ජොකා ඇදල නෙමෙයි ඉස්කෝලේ යන්නෙ.තාත්තා නැති නිසා එහෙම කොල්ලෙක්ට ජොක්කු අරන්දෙන්න ඕනි කියල අපේ අම්මට තේරුමක් නෑ. අය්ය ටිකක් ලොකුයි මට වඩා, එයා ඒව ඇන්ද.
ReplyDeleteඉස්කෝලේ 6 වසරේ අපිව PT මාර්ච් පාර්ට් වලට එක්කගෙන යන ඉන්දික කිය සර් කෙනෙක් හිටිය. එයා PT වලට කලින් ඇහුව Underwear ඇදලද කියල. කිහිප දෙනෙක් විතරයි ඇදල හිටියෙ නැත්තේ .මේ 2002 අවුරුද්ද. එයාලට පැත්තකට වෙලා ඉන්න කියල. අනික් අය PT ව්ලට ගත්ත. පහුවදා ඇදන් එන්න කිව්ව. මට ගෙදර ගිහින් අම්මට කියන්න ලැජ්ජයි Joka ඇදන් එන්න කිව්ව කියල.
මම පහුවදාත් අදින්නෙ නැතුව ගියා. එදා ඇහුවම මම විතරයි ඇදල නැට්තෙ. ඒ සර් අපේ පංතිභාර චීචර්ලටත් කියල. පංතිභාර Teacher අම්මට එන්න කියල කිව්වම තමයි කිව්වෙ මට Underwear අරන් දෙන්න කියලා.
ඊට පහුවදා මම ඉස්කෝලේ ගියේ ගොඩක් ආසාවෙන් .මම දැන් ලොකුයි කියල හැගීමක් ආවා. තවත් දෙයක් කියන්න තියනව. මම ඔය කියපු PT සර් සහ මගෙ 6 වසරේ ගුරුතුමී ලිංගිකත්වය Sex ගැන පාඩම් ඉගැන්නුව හිතට කාවදින්න.
විශේෂයෙන්
1. වැඩිමල් කෙනෙක් කරදරයක් කරන්න ආවොත් විරුද්ධව වෙන්න.
2. ලිංගික ඉන්ද්‍රිය පිරිසිදුව තියාගන්න. පෙර සම පස්සෙට කරල (ටොපා ගහල) හොදන්න.
3. HIV ඒඩ්ස් ගැන.
ඔන්න අපි පොඩි කාලේ අපේ ගමේ අවුරුදු උත්සවයක් තිබුණා. මේක තිබුනේ මං ඒ කාලේ ගිය ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ.
ReplyDeleteඋදේ වරුවේ ගම හරහා දිවීම, ලිස්සන ගහ වගේ දේවල් තිබිලා හවස් වෙනකොට පටන් ගත්තා ස්ටේජ් එකේ තරග.
සාමාන්‍යයෙන් තියෙන අවුරුදු කුමාරී තරගයට අමතරව මෙදා පාර තිබුණා අවුරුදු කුමාරයා තරගයකුත්.
අවුරුදු කුමාරයා තරගයට ඉන්න අය අඳින්න ඕනෑ සරම සහ කමිසය.
මේකට අපේ ගමේ සහ අහල ගම්වලින් තරුණයෝ පස් දෙනෙක් විතර ඉදිරිපත් වෙලා හිටියා. තුල්හිරිය, වේටෙක්ස් පිජාමා සරොං, ටෙට්රන් කොට්න් ලා පාට කමිස ඇඳගෙන.
එකෙක් විතරක් හිටියා සුදු සරමක් සහ සුදු කමිසයක් ඇඳගෙන.
දැන් ඉතිං තරගකාරයෝ ටික වේදිකාවේ. නිවේදකයා එක එකා එක්ක කතාකරලා කියනවා, දැන් වේදිකාව වටේ රවුමක් ගිහින් ප්‍රේක්‍ෂක ජනතාවට ආචාර කරන්න කියලා.
අර සුදු සරොම්කාරයා රවුම ගිහින් තුන් පැත්තටම ආයුබෝං කියලා ආපහු අනිත් උන් හිටිය පේලියට යන්න අපිට පස්ස හරෝපු වෙලේ තමයි අපි දැක්කේ මූ සුදු සරමට යටින් ඇඳලා ඉන්නේ තද රතු පාට ජොකෙක් ය කියලා. ඒක නියමෙට කැපිලා පේනවා, වස ලැජ්ජාවයි! අන්ඩර්ග්‍රවුන්ඩ් චේ ගුවේරාකාරයෙක් මැයි දිනේට යන්න ලැහැත්ති වෙලා වගේ.
ඔය සිද්ධිය මට තාමත් සුදු කලිසමක් අඳින හැමදාම මතක් වෙනවා.
Note: සුදු සරමක් හෝ සුදු කලිසමක් අඳින කොට යටින් සුදු ජොකෙක් ගහන්න අමතක කරන්න එපා.
වැරදියි වැරදියි සම්පූර්ණයෙන්ම වැරදියි. සුදු සරමකට-කලිසමකට සුදු ජොකෙක් ගැහුවොත් කලර් එක ඩබල්වෙනවා කියල අත්දැකීමෙන්ම මම දන්නව(රතු එකත් පේනව තමයි). සුදු එකකට අදින්න ඕන ඇගේ පාටට ටිකක් හුරු එකක්. හැබැයි එතකොට ජොකෙක් නැතුව ඉන්නව වගේ.(ඒක ඊටත් චාටර්).
Deleteසුදු කලිසමට මොන ජොකා ඇන්දත් යට කරන ෂර්ට් එක ජොකාට උඩින් යට කරන්න ඕන, ජොකාට යට කලොත් තමා කේස් එක!
Deleteරාජ් කියල තියෙන එක ඇත්ත කියල තමයි මාත් අනුමාන කරන්නෙ.
Deleteගොඩක් අය සුදු සරමට හෝ කලිසමට අදින්නෙ කලුපාට ඒව තමයි.
රාජ් කීව හරි සුදු ඇඳුම් අඳිනවා නම් කළු ජෝක්කු තමයි සෙට් වෙන්නේ. සමහරු ෂර්ට් එකත් ජෝකාට යට කරනවා (හමුදාවේ අය විශේෂයෙන්ම) එතකොට බස් එකක යද්දී පොල්ල අල්ලන්න අත උස්සපුවාම එකා ජොලියේ
Deleteමටනං ඔය ප්‍රශ්නෙ නෑ . . . මම ජොක්කු අඳින්නෙත් නෑ . . . සරං අඳින්නෙත් නෑ . . . ගොල්පියට සෙන්ටර් කලාම වැඩේ ගොඩ . . .
Deleteජොකා දාලා පැය කීපයක් එක දිගට ඉන්නකොට තියෙන සනීපේ. ජොකා හිර නං සැට් එක රිදෙන්න පටන් ගන්නවා, එහෙක් මෙහෙක් වෙන්න පටන් ගන්නවා. දැන් මොකෝ පබ්ලික් එකේ ඉන්නකොට අත දාලා සැට් එක එලයින් කරගන්නද? ඉවසගෙන ඉඳිල්ලක් තමා තියෙන්නේ!
Deleteජොකා නොගහා බර ඉස්සුවොත් ලබ්බ බහිනවද?
ReplyDeleteනෑ. මේක පචයක්. කාලයක් තිස්සෙ එන මිත්‍යාවක්. පිරිමි හැමෝම වගේ හිතනවා ජොකා නැතුව බර ඉස්සුවොත් ඇටදෙක පාත් වෙනවා කියල.
Deleteඇත්තටම සපෝර්ටර්ස් නෙමෙයි ජොකෙක් නැතුවමත් වුනත් බර උස්සන්න පුළුවන්. ඒකෙන් හර්නියා හැදෙන්නෙ නෑ. එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක.
හර්නියා ගැන දැනගන්න ඕන නම් ගූගල් කරලා බලන්න. ඔයාට දුර්වල මාංශපේශීන් තියෙනවා නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩකඩ වැඩියි. හර්නියා වලක්වාගන්න ඕන නම් ජොකා තදට ඇදලා හරියන එකක් නම් නෑ.