අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේම අවයව පිළිබඳ හරිහැටි දැනුමක් නොමැතිකම. මේ කරුණු ඇත්තටම විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පාසැලෙන් දිය යුතු දැනුම වුනත්, බොහෝ දෙනෙකු තමන්ගේම අවයව ගැන දැන ගන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා.. නැතිනම් ලිංගික දැනුම පිළිබඳ පිටුවක මහා ගොං ප්‍රශ්නයක් අහලා. ඒ නිසා නියම තොරතුරු ලැබෙන්නෙත් නැහැ.
පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වන්නේ
- ප්‍රජනක සෛල (ශුක්‍රාණු) නිෂ්පාදනය, පවත්වාගෙන යාම, ශුක්‍ර තරලය නිෂ්පාදනය සහ ප්‍රවාහනය
- සංසර්ගය අවසානයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය මුදාහැරීම
- පුරුෂ ලිංගික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම
- ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මෙන් නොව, පුරුෂ ප්‍රජනක පද්ධතියේ බොහෝ අවයව පිහිටා ඇත්තේ ශරීරයෙන් පිටතයි. මෙම අවයව වන්නේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ වෘෂණ යන තුනයි. වෘෂණ දෙක වෘෂණ කෝෂ තුල පිහිටා තිබෙන නිසා ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණයයි.
වෘෂණ සහ වෘෂණ කෝෂ
වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙන්නේ සිසිලනය සඳහායි. ශුක්‍රාණු අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා සිසිලනය පිණිස වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙනවා. ලැප්ටොප් වැනි උණුසුම් උපකරණ උකුල මත තබාගන්න එපා කියන්නේ මේ වෘෂණ උණුසුම් වීම නිසා වඳභාවයට පත්වීම වැලැක්වීමටයි. එසේම කම්මුල්ගාය රෝගය වෘෂණ වලට වැළඳනහොත් එය ද වඳභාවය ඇති කිරීමට හේතු වනවා. මේ නිසා නිතරම වෘෂණ සිසිල්ව තබා ගත යුතුයි. රාත්‍රියට නිදා ගැනීමෙන්දී නිරුවතින් හෝ සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීම වැදගත් වන්නේ ඒ නිසායි.
ශිෂ්ණය
ලිංගික කාර්යයේ ප්‍රධාන අවයවය වන්නේ ශිෂ්ණයයි. මෙය විවිධ හැඩයන්ගෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්තයි. එය කොටස් තුනකින් සමන්විතයි.
මුල - ශරීරයට සවි වන කොටස
කඳ - ප්‍රධාන කොටස
හිස - ශිෂ්ණ මුණ්ඩය - අවසානයේ උලක් වැනි කොටස
ශිෂ්ණ මුණ්ඩය සාමාන්‍ය අවස්ථාවේදී පෙර සමින් වැසී තිබෙනවා. මෙම පෙරසම විවිධ ආගම් සහ සංස්කෘතීන් අනුව ඉවත් කිරීම ද සිදු වනවා. එය සුන්නත් කිරීම නමින් හඳුන්වනවා. මෙය සිදු කිරීම අත්‍යවශ්‍ය නොවුනත්, එමගින් ශිෂ්ණ මුණ්ඩය තුළ එක්රැස් වන අපද්‍රව්‍ය නිසා සිදුවන ආසාදන වැලකී පිරිසිදුව පවතිනවා. එසේම එය ඉවත් කිරීම නිසා ශිෂ්ණ මුණ්ඩයේ සංවේදීතාවය අඩුවන නමුත් එය ලිංගික කාර්යයට තරමක උදව්වක් ද වනවා.
මේ සියල්ල ඇතුලතින් කුඩා නල මාර්ගයක් වෘෂණ සිට සහ මුත්‍රාශයේ සිට පිටතට පැමිණෙන්නේ මුත්‍රා සහ ශුක්‍රාණු ප්‍රවාහණය කිරීමටයි.
එසේම මේ ශිෂ්ණයේ අධික ලෙස රුධිර වාහිනී සහ ස්නායු අඩංගු වන නිසා සිතිවිල්ලකින් පවා කෙලින් කළ හැකි එකම දේ බවට ශිෂ්ණය පත් වී තිබෙනවා.
ශිෂ්ණයේ බඳ සිලින්ඩරාකාර ස්පොන්ජ් වැනි කොටස් තුනකින් යුක්තයි. මේ විශේෂිත පටක තුළ රුධිරය පිරවිය හැකි හිඩැස් දහස් ගණනක් යුක්තයි. ශිෂ්ණය ප්‍රාණවත් වීමේදී සිදු වන්නේ මේ පටක තුළට රුධිරය ගමන් කර එකතු වීමයි. එවිට ශිෂ්ණය කෙළින් වී දරදඬු වී සංසර්ගයට සූදානම් කරනවා. ශිෂ්ණයේ සම මේ නිසා ඉතා ඇදෙනසුළු වී තිබෙනවා. ඒ අවශ්‍ය විටක විශාල වීමට සහ කුඩා වීමටයි. මෙසේ ශිෂ්ණය ප්‍රාණවත් වූ විට එය තුළ ඇති නාලය අවහිර වනවා. මේ නිසා සංසර්ගය අවසානයේ ඉහල පීඩනයකින් නිකුත් වන ශුක්‍ර තරලය මේ සිදුර හරහා විසිරීමක් සිදු වනවා. එය පරිණාමිකව ස්ත්‍රියගේ යෝනි මාර්ගයේ ඇතුලටම ශුක්‍රාණු ගමන් කරවීමට සිදුව ඇති පිහිටීමක්. එසේම ශිෂ්ණය ප්‍රාණවත්ව ඇති විට මුත්‍ර මාර්ගය අවහිර වී මුත්‍රා පිටතට පැමිණීම වලක්වනවා. එයද සංසර්ගයට සිරුර සකස් කිරීමට සිදු වී ඇති පරිණාමික වර්ධනයක්.
වෘෂණ
මේවා සාමාන්‍යයෙන් වෙරළු ගෙඩියක තරමේ ග්‍රන්ථි දෙකක්. එය ශුක්‍ර නාලය හරහා ශිෂ්ණයට සම්බන්ධ වන අතර වෘෂණ කෝෂ තුළ පිහිටා තිබෙනවා. බොහෝ අයට වෘෂණ දෙකක් ඇති අතර සමහරුන්ට එකක් පිහිටා තිබෙනවා. එකක් හෝ පිහිටා තිබීම දරුපළ ලැබීමට ප්‍රමාණවත්. එය ශුක්‍රාණු නිපදවීමට අමතරව පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය ද සිදු කරනවා.
පුරස්ථ ග්‍රන්ථිය
පුරස්ථ ග්‍රන්ථිය පිහිටා ගැබෙන්නේ මුත්‍රාශයට පහලින් ශිෂ්ණයේ මුලට වන්නටයි. එය ශුක්‍ර තරලයට තවත් ද්‍රව ගතියක් එකතු කරනවා.එයින් පිටවන ශ්‍රාවය ශුක්‍රාණුවල වර්ධනයට මෙන්ම පෝෂණයටද ඉවහල් වනවා. වයසට යනවිට සමහරුන්ට මෙහි පිළිකා ඇතිවීමට පුළුවන්. එවිට කළ යුත්තේ ග්‍රන්ථිය ඉවත් කිරීමයි. එය ඉවත් කළා කියා විශාල හානියක් සිදු වන්නේ නැහැ.
මේ අතර ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි නූල කියන්නේ මොකද්ද ? නූල කැඩෙන්නම ඕනද ? කඩාගන්නේ කොහොමද වගේ ප්‍රශ්න
නූල කියන්නේ Frenulum නැතිනම් වාගිකාව කියන පටක කොටසකට. එය ශිෂ්ණයේ පමණක් නොවෙයි විවිධ ස්ථාන වල පිහිටලා තියෙනවා. එයින් කරන්නේ සමහර අවයව වල චලනය සීමා කරන එකයි. නමුත් වාගිකාව කියන්නේ ශිෂ්ණයේ තිබෙන කොටසට එය හඳුනා ගන්නේ ශිෂ්ණය ප්‍රාණවත්ව තියෙන විට එහි යට පැත්තට වන්නට සිහින් නූලක් වැනි දෙයක් ශිෂ්ණයේ පහල කොටසට කොණ (තොප්පිය) සම්බන්ධ වන ව්‍යුහයයි.
මේ නූල නිසා බොහෝ දෙනෙකුට අපහසුතා ඇතිවනවා. එය කෙටි වීම නිසා ශිෂ්ණ මුණ්ඩය එළියට ගැනීමට අපහසු වනවා. (තොප්පිය ගහන්න බැරි වෙනවා) සමහරුන්ගේ තොප්පිය ඇද වෙනවා. එහෙම වුනාම ටිකක් වේදනාවට පත් වෙනවා. සංසර්ගය හරියට කරගන්න බැරි වෙනවා. මේ නිසා සමහරු බොහොම සිත් වේදනාවට පත් වෙනවා.
මේ නූල වුනත් අපට ටිකක් ට්‍රේන් කරලා ගන්න පුළුවනි. නාන විට සබන් ගා තොප්පිය ඉහළ පහල කිරීමෙන් නූලේ ඉලාස්ටික් ස්වභාවය වැඩි කරගන්න පුළුවනි. මේ නිසා නිතර නිතර පස්සට ඇදීමෙන් එය ටිකක් හදාගන්න පුළුවන්
ඒ වගේම සමහර ක්‍රීම් වර්ග තිබෙනවා ඒවා ආලේප කිරීමෙන් නූලේ ඉලාස්ටික් ස්වභාවය වැඩි කරගන්න පුළුවනි. එවැනි ක්‍රීම් එකක් තමයි Beta Methasone Dispropionate 5% කියන රසායනිකය අඩංගු ක්‍රීම් වර්ග. එය ටික කාලයක් දිගට පාවිච්චිය මගින් නූල මෘදු වනවා. නමුත් මේ නිසා සමහර වෙලාවට අහිතකර අන්දමේ දිලීර ආසාදන ඇති විය හැකියි. මේ නිසා නිතර නිතර ක්‍රීම් ගාගෙන ඉන්න එපා. සතියකට දිනයක් දෙකක් වගේ ගාන්න..
හොඳම ක්‍රමය තමයි රජයේ රෝහලක සායනයකට ගිහිල්ලා පෙන්නලා නූල කපා ගන්න එක. හරිම සරළ ශල්‍යකර්මයක්. දිනයක් පමණ රෝහල්ගත වන්න සිදු වනවා. ඒත් එක්කම කොණත් කපා ගත්තම ඒ දෙකම එක පාරට සිදු වෙනවා. එවිට පහසුයි. නමුත් මේ ශල්‍යකර්මය නිසා සතියක පමණ අපහසුතාවයක් දරන්න වෙයි. නමුත් එය ජීවිත කාලයටම දැනෙන පහසුවත් එක්ක බැලුවාම හරි වටිනවා.
සමහරුන්ට කලබල වෙලා හයියෙන් ස්වයංවින්දනක කළොත්, ලිංගික එකතු වීමක වැරෙන් සිදු කළොත් හෝ ගුද සංසර්ගය කළොත් මේ නූල කැඩෙන්න පුළුවනි. එය සමහර විට සරළ වුනත් සමහරවිට සතියක් පමණ දුක දැනෙන දෙයක්. ඒ නිසා නූලෙ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එක එක වෙබ් සයිට් වල දාන්නෙ නැතිව, වෛද්‍යවරයෙකු හමු වෙලා ශල්‍යකර්මය කර ගන්න.
සමහරුන්ට තව ප්‍රශ්නයක් එනවා. තොප්පිය ගහන්න බැරි කම හෙවත් පෙරසම පිටුපසට අදින්නට බැරී වීම. මේ නිසා ගොඩක් අය වේදනා විඳිනවා. සමහරුන්ට අතේ පාරක් වත් ගහන්න බෑ රිදෙනවා... එසේ සිදු වන්නේ සමේ ඉලාස්ටික් බව අඩු වීම නිසා. මෙයත් පෙරසම පිටුපසට ඇදලා ටික කාලයකදී හදා ගන්න පුළුවනි. නැතිනම් කොණ කපාගෙන හදාගන්නත් පුළුවනි.
කුඩා කාලයේදී මේ පෙරසම පිටුපසට යාම සිදුවන්නේ නැහැ... තරමක් වැඩි වයසට පැමිණෙන විට මෙය ඉබේම සිදු වනවා. සමහරුන්ට ශිෂ්ණය ප්‍රාණවත් නැති විට වුවත් පෙරසම පිටුපසට ගොස් තිබෙනවා. එය අසාමාන්‍ය තත්තවයක් නොවෙයි.
පෙරසම නැතිවීම හෝ පිටුපසට යාම නිසා ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය වෙනවා. මේ ශිෂ්ණ මුණ්ඩයේ ස්නායු අන්ත විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. පෙරසම ඉවත් කිරීම(සුන්නත් කිරීම) නිසා ශිෂ්ණ මුණ්ඩයේ සංවේදීතාවය අඩු වෙනවා. මේ නිසා සමහර වෙලාවට ගොඩක් වෙලා සංසර්ගයේ යෙදෙන්න පුළුවනි. එය එක්තරා ආකාරයට වාසියක්.
ශිෂ්ණය විවිධ හැඩ සහ විවිධ ප්‍රමාණ වලින් යුක්තයි. ශිෂ්ණයේ ප්‍රමාණය පිරිමියාට ලිංගික සතුට ලැබීමට කිසිම බාධාවක් නෑ.. සාමාන්‍ය ශිෂ්ණයක් අඟල් 4 -6 දක්වා වන අතර ඊට වඩා කුඩා ශිෂ්ණයක් වුවත් පිරිමියාට සතුටට බාධාවක් නෑ,. නමුත් කුඩා ශිෂ්ණයක් ඇති අයට කරන්න පුළුවන් විධි සීමිතයි.
සමහර රටවල අයගේ ශිෂ්ණ විශාලයි. සාමාන්‍යයෙන් අප්‍රිකානු සහ කැරිබියානු දූපත් වල අයගේ විශාල බව මතයක් තිබෙනවා. නමුත් අපේ ලංකාවේ අයගෙත් විශාල ශිෂ්ණ තිබෙනවා.
චීන පෙරදිග ආසියානු සහ ඉන්දියානු අයගේ ශිෂ්ණ සාමාන්‍යයෙන් කුඩා බවට ප්‍රචලිතයි.
ඒ නිසා ශිෂ්ණය ලොකු කරගන්න කියලා එක එක බෙහෙත් බීලා අමාරුවේ වැටන්න එපා. නමුත් සමහර ආයුර්වේද බෙහෙත් තිබෙන බව අසා තිබෙනවා.
සමහරුන්ට මේද එන්නත් කිරීම මගින් ශිෂ්ණයේ තාවකාලිකව මහත වැඩි කර ගන්න නම් පුළුවනි.
මේ විස්තර අහලා බෙහෙත් මොනවද, ලොකු කරගන්න පුළුවන් ද කියලා අහන්න එපා. අපි කිසිම උපකරණයක් හෝ බෙහෙතක් විකුණන්නේ නැහැ.
මොකද්ද මේ “සුන්නත් කිරීම” (Circumcision) කියන්නෙ?
සුන්නත් කිරීම හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි.සුන්නත් කිරීම කිව් සැනින් අපේ මතකයට නැගෙන්නේ මුස්ලිම් පිරිමින්.නමුත් මෙම පුරුද්ද මුස්ලිම් වරුන්ට පමනක් සීමා වූවක් නොවේ.
සුන්නත් කිරීම ලොව පැරණිම සැත්කම ලෙසත් සමහර දෙනා සළකනවා. සුන්නත් කිරීම ගැන දැනට ලැබී ඇති වාර්තා ක්‍රිස්තු පූර්ව 2345–2181(2345–2181 BC) පමණ ඉතා ඈත අතීතයකට දිව යනවා.මෙම සිරිත ගැන මුල්ම වාර්තා හමු වන්නේ ඊජිප්තුවෙන්.පුරාණ මිසර ශිෂ්ටාචාරයේ මෙම සිරිත දරුවෙක් නව යොවුන් වියේදී තරුණයෙක් කිරීමේ සිරිතක් ලෙස උත්සවාකාරයෙන් සමරනු ලැබුවා.බොහෝ විට මෙවැනි උත්සවයකදී සාමූහික සුන්නත් කිරීම් තමයි සිදු කරනු ලැබුවේ.
සුන්නත් කිරීමේ උත්සවයක් දැක්වෙන පුරාණ මිසර චිත්‍රයක් from the Tomb of Ank-Mahor 2350 BC.(පහත දක්වා ඇත)
සුන්නත් කිරීම ලොව පැරණිම සැත්කම ලෙසත් සමහර දෙනා සළකනවා. සුන්නත් කිරීම ගැන දැනට ලැබී ඇති වාර්තා ක්‍රිස්තු පූර්ව 2345–2181(2345–2181 BC) පමණ ඉතා ඈත අතීතයකට දිව යනවා.මෙම සිරිත ගැන මුල්ම වාර්තා හමු වන්නේ ඊජිප්තුවෙන්.පුරාණ මිසර ශිෂ්ටාචාරයේ මෙම සිරිත දරුවෙක් නව යොවුන් වියේදී තරුණයෙක් කිරීමේ සිරිතක් ලෙස උත්සවාකාරයෙන් සමරනු ලැබුවා.බොහෝ විට මෙවැනි උත්සවයකදී සාමූහික සුන්නත් කිරීම් තමයි සිදු කරනු ලැබුවේ.
සුන්නත් කිරීමේ උත්සවයක් දැක්වෙන පුරාණ මිසර චිත්‍රයක් from the Tomb of Ank-Mahor 2350 BC.(පහත දක්වා ඇත)
අදත් අප්‍රිකාවේ සමහර ගෝත්‍ර සුන්නත් කිරීම තරුණ බවට පැමිණීමේ චාරිත්‍රයක් ලෙස උත්සාකාරව සමරනවා.එහිදී නව තරුණයන්, ප්‍රසිද්ධියේ උත්සව සභාව මැද චර්ම ඡේදනයට ලක් කෙරෙනවා.එහිදී ඔවුන් වේදනාව දරා ගෙන නිසොල්මන්ව සිටිය යුතු අතර එය වැඩිහිටියෙකු වීමේ ලක්‍ෂනයක් ලෙස සැලකෙනවා.
ඇතැම් ගෝත්‍ර වල ඉවත් කෙරෙන සම් කබැල්ල අනුභව කිරීමද සිදු වෙනවා.
ඇතැම් ගෝත්‍ර වල ඉවත් කෙරෙන සම් කබැල්ල අනුභව කිරීමද සිදු වෙනවා.
ඉතා ඈත අතීතයේ පටන් කාන්තාර ආශ්‍රිතව ජීවත් වූ මැද පෙරදිග ජනයා පිරිමි චර්ම ඡේදනය සිදු කළා.බොහෝ දෙනා සිතනුයේ මෙය කාන්තාර වියළි දේශගුණය නිසා පුරුදු වූ දෙයක් බවයි.නිතර වැලි කුණාටු පවතින කාන්තාරයේ වැලි පෙර සම අතරට ගිය විට පිරිමින්ට බොහෝ අපහසුතාවයන්ට මුහුණ පාන්න සිදු වුනා.ඒවා නිතර සෝදා ගැනීමට ජල පහසුකම්ද බොහෝ කාන්තාර වාසීන්ට තිබුණේ නෑ.එනිසා කාන්තාර ආශ්‍රිතව ජීවත් වූ ජනයා මෙම පුරුද්ද ඇති කර ගන්නට ඇති බව සැළකෙනවා.පසුව කාන්තාර ආශ්‍රිතව බිහිවූ ආගම් වලින් ද මෙම පුරුද්ද අනුමත කෙරුණා.
ඒබ්‍රහමික ආගම් වල පරණ තෙස්තමේන්තුවේ දෙවියන් වහන්සේ උදෙසා සුන්නත් කිරීම ගැන සඳහන් වෙනවා.ඒබ්‍රහමික ආගම්/Abrahamic Religions යනු ඒබ්‍රහම්/Abraham නම් ආදි නායකයා පිළිබඳව විශ්වාස කරන ආගම්.යුදෙව් ආගම(Judaism),ක්‍රිතුණු ලබ්ධිය(Christianity) හා ඉස්ලාම් ආගම(Islam) මේ ඒබ්‍රහමික ආගම්/Abrahamic Religions යටතට අයත්. පැරණි ලියවිල්ලට අනුව දෙවියන් විසින්, ඒබ්‍රහම් හා ඔහුගෙන් පැවතෙන සියළු පිරිමි දරුවන් චර්ම ඡේදනය කිරීමට උපදෙස් දුන් බව පැවසෙනවා.
ඒ අනුව යමින් අදත් යුදෙව් ජාතිකයින් පිරිමි දරුවකු ඉපදී 8වන දිනයේදී සුන්නත් කිරීම සිදු කරනවා.
යුදෙව්වෙක් ලෙස ඉපදුණු ජේසුතුමන් ද 8 වන දිනයේදී චර්ම ඡේදනයට ලක් කළ බව පැවසේ.සාම්ප්‍රදායිකව මෙම දිනය ජනවාරි 1 වනදා ලෙස සැළකෙන අතර සමහර කිතුණු කොටස් මෙම චර්ම ඡේදන මංගල්‍යය සමරනවා.එහෙත් සාමාන්‍යයෙන් කිතුණු ආගම සුන්නත් කිරීම අනුමත කරන්නේ නෑ.
ඒබ්‍රහමික ආගම් වල පරණ තෙස්තමේන්තුවේ දෙවියන් වහන්සේ උදෙසා සුන්නත් කිරීම ගැන සඳහන් වෙනවා.ඒබ්‍රහමික ආගම්/Abrahamic Religions යනු ඒබ්‍රහම්/Abraham නම් ආදි නායකයා පිළිබඳව විශ්වාස කරන ආගම්.යුදෙව් ආගම(Judaism),ක්‍රිතුණු ලබ්ධිය(Christianity) හා ඉස්ලාම් ආගම(Islam) මේ ඒබ්‍රහමික ආගම්/Abrahamic Religions යටතට අයත්. පැරණි ලියවිල්ලට අනුව දෙවියන් විසින්, ඒබ්‍රහම් හා ඔහුගෙන් පැවතෙන සියළු පිරිමි දරුවන් චර්ම ඡේදනය කිරීමට උපදෙස් දුන් බව පැවසෙනවා.
ඒ අනුව යමින් අදත් යුදෙව් ජාතිකයින් පිරිමි දරුවකු ඉපදී 8වන දිනයේදී සුන්නත් කිරීම සිදු කරනවා.
යුදෙව්වෙක් ලෙස ඉපදුණු ජේසුතුමන් ද 8 වන දිනයේදී චර්ම ඡේදනයට ලක් කළ බව පැවසේ.සාම්ප්‍රදායිකව මෙම දිනය ජනවාරි 1 වනදා ලෙස සැළකෙන අතර සමහර කිතුණු කොටස් මෙම චර්ම ඡේදන මංගල්‍යය සමරනවා.එහෙත් සාමාන්‍යයෙන් කිතුණු ආගම සුන්නත් කිරීම අනුමත කරන්නේ නෑ.
ඉන් පසුව බිහිවූ ඉස්ලාම් ආගමේත් සුන්නත් කිරීම අනුමත කෙරුනා.එහි අවශ්‍යයතාවය හදිත්/Hadith වල දැක්වෙනවා.සමහරු මෙය දෙවියන් විසින් ඒබ්‍රහම්ට දුන් අණ ක්‍රියාත්මක කිරීමක් ලෙස සළකනවා.ඉස්ලාම් ආගමේ ව්‍යාප්ත වීමත් සමග චර්ම ඡේදන සිරිතද ලොව පුරා පැතිරුණා.
වඩා සෞම්‍යය,ජලය සුලභ කලාපයක ජීවත් වූ ග්‍රීක හා රෝම ජනතාව චර්ම ඡේදනය අනුමත කළේ නෑ.ඔවුන්ට අනුව එය ස්වභාවික මිනිස් සිරුර විකෘති කිරීමක්.ඉන්දියානු පෙරදිග ආගම් වලද සුන්නත් කිරීම ගැන සඳහනක් නෑ. 20 වන සියවසේදී නැවතත් සුන්නත් කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචලිත වුණා.ඊට මූලික හේතුව වුනේ ඒ කාලයේ ඉදිරිපත් වූ Germ theory of disease එක.අද වන විට ඒ Theory ය එතරම් නිවැරදි නොවන බව සැළකුනත් චර්ම ඡේදන පුරුද්ද අදත් ඇමෙරිකානු පිරිමින් අතර ප්‍රචලිතයි.
පුරුෂ සුන්නත් කිරීමේ වාසි සහ අවාසි දෙවර්ගයම තියෙනවා.
පුරුෂ සුන්නත් කිරීමේ වාසි සහ අවාසි දෙවර්ගයම තියෙනවා.
අවාසි
- මූලිකම ප්‍රශ්නය තමයි එම ක්‍රියාවලියේදී ඇති විය හැකි සංකූලතා.විශේෂයෙන්ම නුපුරුදු අය විසින් මෙම සැත්කම කිරීමේදී අධික රුධිර වහනය,තුවාල පැසවීම,ඒ ආශ්‍රිත පටක මිය යෑම වැනි ප්‍රශ්න ඇති විය හැකියි.වර්තමානයේදී නම් පිළිගත් රෝහල් වල සුන්නත් කිරීමේදී මෙවැනි ප්‍රශ්න ඉතා අඩුයි.
- අනෙක් ප්‍රධානම ප්‍රශ්නය නම් වේදනාවයි.සාම්ප්‍රදායික සුන්නත් කිරීමේදී
නිර්වින්ඳක භාවිතා කිරීමක් නෑ.එවැනි අති සංවේදී ස්ථානයක නිර්වින් දක
නොමැතිව කැපීම් සිදු කරද්දී ඇතිවන තත්වය හිතා ගන්න පුළුවන්නේ....රෝහල් වල
නම් සුන්නත් කිරීම සිදු කරන්නේ හිරි වැටීමට බෙහෙත් විදලා.
- චර්ම ඡේදනය කළ විට ශිෂ්නයේ ඉතාම සංවේදී කොටස වන ශිෂ්න මුණ්ඩය කෙළින්ම බාහිර
පරිසරයට නිරාවරණය වෙනවා.එනිසා නිතරම ඇඳුම් වල ඇතිල්ලීම නිසා එහි
සංවේදීතාවය අඩු වී යා හැකියි.
වාසි
- ප්‍රධානම වාසිය තමයි ඉතින් පිරිසිදු බව වැඩි වීම.ලිංගික ස්‍රාවයනුත්,සමෙන් හැලෙන ෛසලත් පෙරසම අතර එකතු වෙනවා.මෙසේ සෑදෙන ද්‍රව්‍යය Smegma ලෙස හැඳින් වෙනවා.නිතරම සේදුවේ නැතිනම් මේවා රෝග කාරකයින්ට හොඳ මාධ්‍යයක්.ජලය අඩු කාන්තාර පෙදෙස් වල මේ සුන්නත් කිරීම ප්‍රචලිත වෙන්න මෙය මූලික හේතුවත් එය ලෙස සැළකෙනවා.(විශේෂයෙන්ම කාන්තාර වැලි පෙර සම ඇතුළට ගිය විටත් ජලයත් බහුලව නැති ඔවුන්ට එය ලොකු ප්‍රශ්නයක් වූවා.)
- එමගින් ශිෂ්නයේ ඇතිවන පිළිකා අඩු වෙනවා.(ශිෂ්න පිළිකා කොහොමත් දුලබ පිළිකා වර්ගයක්)
- එමෙන්ම HIV, HPV, HSV වැනි ෛවරස ආසාදන පැතිරීමත් යම් තරමකින් අඩු වෙනවා.(හැබැයි අවදානම නැති වෙන්නේ නම් නෑ.)
- මුත්‍රා ආසාදන අඩු වන බව සමහරුන් පවසනවා.
කාන්තා සුන්නත් කිරීම:
කාන්තාවන් සුන්නත් කිරීම සමහර මුස්ලිම් රටවල සහ සමහර අප්‍රිකානු රටවල සිදු කෙරෙනවා.එහිදී ඔවුන් ගේ භගමනිය/අභිශිෂ්නිකාව/Clitoris කපා දැමෙනවා.එමෙන්ම යෝනි මාර්ගයද කුඩා සිදුරක් පමණක් ඉතිරි වන සේ මසා දැමෙනවා. මෙමගින් කාන්තාවන් ගේ ලිංගික ආශාව අඩු කිරීමද,ස්වයං වින්දනයේ යෙදීමද,විවාහයට පෙර ලිංගික සබඳ කම් නවතා දැමීමද,ස්වාමියාට වැඩි සතුටක් ලබා දීමද අරමුණු වෙනවා.මේ සමාජ වල සුන්නත් නොකෙරුණු ස්ත්‍රීන් සැළකෙන්නේ පහත් ලෙසටයි.
බොහෝ විට නොපුහුණු කාන්තාවන් විසින් නොමනා තත්ව යටතේ මෙම සුන්නත් කිරීම් සිදු කෙරෙනවා.මෙනිසා ඇතිවන සෞඛ්‍යය ප්‍රශ්න බොහෝයි. අධික රුධිර වහනය,ආසාදන තත්ව,දරු ප්‍රසූතියේදී ඇති වන ප්‍රශ්න,ලිංගික අකර්මන්‍යය තාවය ඉන් කිහිපයක්.එනිසා කාන්තා සුන්නත් කිරීම බොහෝ සංවිධාන හෙළා දකිනවා. වාරිස් ඩයිරි නම් සෝමාලියානු ජාතික මෝස්තර නිරූපිකාව තම ළමා කාලයේ මුහුණ දුන් මෙම කටුක,අමිහිරි අත්දැකීම සිය Desert flower චරිතාපදාන ග්‍රන්ථයේ මැනවින් විස්තර කර තිබෙනවා.මෙය “කාන්තාරයේ කුසුම” නමින් සිංහලටත් පරිවර්තනය වූවා. (සෝමාලියානු සාම්ප්‍රදායික එඬේර ගෝත්‍රික කෙල්ලක ලෙස උපත ලබන ඇය පසුව රටින් පලා ගොස් යුරෝපයේදී මොස්තර නිරූපිකාවක් බවට පත්වූවා.)
චර්ම ඡේදනය ගැන අද සදාචාරාත්මක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා වෙනවා. එයින් ප්‍රධානම කරුණ තමයි,ස්ව කැමැත්ත/Autonomy පිළිබඳ ප්‍රශ්නය. ඒ කියන්නේ තමන්ගේ සිරුර ගැන තමන්ට තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියන දේ.සමහර සංවිධාන වයස 18ට අඩු පුද්ගලයන් වෙනත් පුද්ගලයන් ගේ සංස්කෘතික අවශ්‍යතා මත චර්ම ඡේදනයට ලක් කිරීමට එරෙහිව හඬ නගනවා.
හුඟක් වෙලාවට සංස්කෘතික හේතු මත සුන්නත් කිරීම සිදු වුනත් එය අවශ්‍ය වන වෛද්‍යමය තත්ව කීපයකුත් තියෙනවා. ඉන් ප්‍රධානම තත්වය තමයි phimosis කියන තත්වය. එනම් තරුණ වයසට පැමිණියත් පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගත නොහැකි වීම.මෙම තත්වය නිවැරදි නොකළහොත් ඔහුට කිසි විටක ලිංගික එක්වීමකට හැකියාව ලැබෙන්නේ නෑ.ලිංගික එක්වීමක යෙදුනොත් එහිදී පෙරසම ශිෂ්නය වටා හිරවී එය ඉදිමී කියන ඉතාම වේදනාකාරී Paraphimosis තත්වය ඇති වෙනවා.එවැනි අයට ඉතින් මංගල රැය රෝහලේ තමයි ගත කරන්න වෙන්නේ. අනෙක් එතරම් සුලබ නැති තත්වය තමයි පෙරසම අතර ඇතිවෙන ප්‍රදාහ තත්ව. එය Recurrent Balanopsthitis කියලා හැඳින් වෙනවා.
හුඟක් වෙලාවට සංස්කෘතික හේතු මත සුන්නත් කිරීම සිදු වුනත් එය අවශ්‍ය වන වෛද්‍යමය තත්ව කීපයකුත් තියෙනවා. ඉන් ප්‍රධානම තත්වය තමයි phimosis කියන තත්වය. එනම් තරුණ වයසට පැමිණියත් පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගත නොහැකි වීම.මෙම තත්වය නිවැරදි නොකළහොත් ඔහුට කිසි විටක ලිංගික එක්වීමකට හැකියාව ලැබෙන්නේ නෑ.ලිංගික එක්වීමක යෙදුනොත් එහිදී පෙරසම ශිෂ්නය වටා හිරවී එය ඉදිමී කියන ඉතාම වේදනාකාරී Paraphimosis තත්වය ඇති වෙනවා.එවැනි අයට ඉතින් මංගල රැය රෝහලේ තමයි ගත කරන්න වෙන්නේ. අනෙක් එතරම් සුලබ නැති තත්වය තමයි පෙරසම අතර ඇතිවෙන ප්‍රදාහ තත්ව. එය Recurrent Balanopsthitis කියලා හැඳින් වෙනවා.
ලංකාවේ නම් හුඟක් පිරිමි චර්ම ඡේදනයට ලක් කරලා නෑනේ. ඒ අයට පොඩි උපදෙසක්.
- තමන්ට Phimosis තියෙන්වද කියලා පොඩ්ඩක් බලන්න.ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වූ පසු පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගන්න පුළුවන් වෙන්න ඕනෑ.විවාහයට කලින් ඒක හදා ගත්තේ නැත්තම් මංගල රැයේදී ඉස්පිරිතාලයකට එන්න වෙයි.(ඇත්තටම තාම සමහරු එහෙම එනවා.)
- අනෙක් එක තමයි හැමදාම පෙරසමට යටින් එකතු වෙන Smegma හොඳින් සෝදා ඉවත් කරන්න ඕනෑ.මොකද ඒවා පිළිකා කාරකයක්.කාලයක් ඒවා එකතු වෙලා තිබුණොත් ශිෂ්නයේ පිළිකා (Penile Cancer) හැදෙන්න පුළුවන්.
- අනෙක් කරුණ අලුත් පියවරුන්ට.පොඩි කාලෙදි පෙරසම කොහොමත් පිටුපසට ගන්න බෑ.ඒ නිසා හුඟක් තදින් දරුවන්ගේ එහෙම කරන්න එපා.එහෙම කරාම Phimosis තත්වය දරුවාට ඇති වෙන්න පුළුවන්.(මේ වැරැද්දත් නිතරම මුණ ගැසෙන දෙයක්)
වැඩුනු පිරිමියෙක්ට චර්ම ඡේදනය සැත්කමක් කරනව නම් දින දෙක තුනක් රෝහල් ගත වෙන්න වෙනවද, නැත්නම් එක දවසින් ඒක කරල ගෙදර එන්න දෙනවද? සැත්කමෙන් පස්සෙ වේදනාවක් එහෙම තියෙනවද, මුත්‍ර කිරීමෙදි වගේ දින කීයක් විතර අපහසුතාවයන් ඇති වෙනවද, අනෙක ඒ සැත්කමෙන් පසු කොපමණ කල් යනකන් ලිංගිකව එකතුවෙන්න (හෝ ස්වයං වින්දනය) නරකද, වගේ විස්තර ටිකකුත් කියන්න පුළුවන් ද?
සමාන්‍යයෙන් සුන්නත් කරන්නේ හිරි වට්ටවලා. දැන් සුන්නත්, ලේසර් සැත්කම්න් කරන්නත් පුළුවන්. එහෙම අයට එදාම ගෙදර යන්න පුලුවන්. කරන Hospital එකේ සම්ප්‍රදාය මත ඒක තීරණය වෙන්වා.
මුල් දවස් වල නම් යම් වේදනාවකුත් ඉදිමීමකුත් තියෙන්න පුලුවන්. මුල් දවස් වල වේදනා නාශක බේත් ගන්න පුලුවන්. විශේෂයෙන්ම ශිෂ්නය ප්‍රාණවත් වෙද්දී වේදනාව වැඩි වෙන්න පුලුවන්. හොඳින් fit වෙන යට ඇඳුම් ඇදීමෙනුත්, ශිෂ්නය උඩු අතට රඳවා තබා ගැනීමෙනුත් අපහසු ගතියත්, ඉදිමුමත් අඩු වෙන්න උපකාරී වෙනවා. මුල් ටිකේ මුත්‍රා කරන කොට වෙන දා වගේ යන්නේ නැතුව විසිරිලා යන ගතියක් තියෙන්න පුලුවන්.ටික දවසකින් ඒක හරි යනවා.
ලිංගික එක්වීමකට නම් සති හයක් විතර ඉන්න වෙනවා. ස්වයංවින් දනය නම් සති හතරකින් විතර පස්සෙ පුලුවන්.හබැයි එක පාරටම ඉස්සර කරා වගේ බෑ.ඒකට ක්‍රමයක් තියෙනවා.මේ දින ගණන් නම් දළ අගයන් හුඟක් වෙලාවට පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන්වා.
සමාන්‍යයෙන් සුන්නත් කරන්නේ හිරි වට්ටවලා. දැන් සුන්නත්, ලේසර් සැත්කම්න් කරන්නත් පුළුවන්. එහෙම අයට එදාම ගෙදර යන්න පුලුවන්. කරන Hospital එකේ සම්ප්‍රදාය මත ඒක තීරණය වෙන්වා.
මුල් දවස් වල නම් යම් වේදනාවකුත් ඉදිමීමකුත් තියෙන්න පුලුවන්. මුල් දවස් වල වේදනා නාශක බේත් ගන්න පුලුවන්. විශේෂයෙන්ම ශිෂ්නය ප්‍රාණවත් වෙද්දී වේදනාව වැඩි වෙන්න පුලුවන්. හොඳින් fit වෙන යට ඇඳුම් ඇදීමෙනුත්, ශිෂ්නය උඩු අතට රඳවා තබා ගැනීමෙනුත් අපහසු ගතියත්, ඉදිමුමත් අඩු වෙන්න උපකාරී වෙනවා. මුල් ටිකේ මුත්‍රා කරන කොට වෙන දා වගේ යන්නේ නැතුව විසිරිලා යන ගතියක් තියෙන්න පුලුවන්.ටික දවසකින් ඒක හරි යනවා.
ලිංගික එක්වීමකට නම් සති හයක් විතර ඉන්න වෙනවා. ස්වයංවින් දනය නම් සති හතරකින් විතර පස්සෙ පුලුවන්.හබැයි එක පාරටම ඉස්සර කරා වගේ බෑ.ඒකට ක්‍රමයක් තියෙනවා.මේ දින ගණන් නම් දළ අගයන් හුඟක් වෙලාවට පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන්වා.
Auto Circumcision(Pulled back - Keeping the foreskin retracted) කියලා කියන්නේ නිතරම ශිෂ්නයේ පෙරසම පිටුපසට කොට තබා ගැනීම නිසා කාලයක් ගතවූ පසු සුන්නත් කළ ආකාරයක් දිස්වීමටයි. විශේෂයෙන්ම කුඩා කල සිට නිතරම පෙර සම සම්පූර්ණයෙන්ම පිටුපසට කොට තබා ගත් විට වැඩිවිය පත් වූ පසු ශිෂ්නය සුන්නත් කොට ඇති අකාරයටම දිස් වීම සිදු වෙනවා.සමහර ආසියාතික රටවල මෙය පවුලේ සිරිතක් වශයෙන් සිදු කෙරෙනවා.
Source: Tarunayaa (තරුණයා) Blog
සිංහල උනත් කොන කපලා ඉන්න මම උබලටත් ඔන්නම් කියපල්ල සෙට් කරන්නම්, කලාම තේරෙයි වෙනස විශේශයෙන්ම හම පස්සට යන්නෙ නැති උන්ට, ඉක්මනට යන උන්ට, පොල්කුඩු සෙට් වෙන උන්ට
ReplyDeleteසුන්නත් ශල්යකර්මයෙන් පසුව, දින කිහිපයකට පසු/සතියකට පසු පොල්තෙල් ආලේප කරන්න
ReplyDeleteඑය තද නොවේ නම් නූල කඩා ගන්න ඕනමද ? නැ..
ReplyDelete