අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේම අවයව පිළිබඳ හරිහැටි දැනුමක් නොමැතිකම. මේ කරුණු ඇත්තටම විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පාසැලෙන් දිය යුතු දැනුම වුනත්, බොහෝ දෙනෙකු තමන්ගේම අවයව ගැන දැන ගන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා.. නැතිනම් ලිංගික දැනුම පිළිබඳ පිටුවක මහා ගොං ප්‍රශ්නයක් අහලා. ඒ නිසා නියම තොරතුරු ලැබෙන්නෙත් නැහැ. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වන්නේ ප්‍රජනක සෛල (ශුක්‍රාණු) නිෂ්පාදනය, පවත්වාගෙන යාම, ශුක්‍ර තරලය නිෂ්පාදනය සහ ප්‍රවාහනය සංසර්ගය අවසානයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය මුදාහැරීම පුරුෂ ලිංගික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මෙන් නොව, පුරුෂ ප්‍රජනක පද්ධතියේ බොහෝ අවයව පිහිටා ඇත්තේ ශරීරයෙන් පිටතයි. මෙම අවයව වන්නේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ වෘෂණ යන තුනයි. වෘෂණ දෙක වෘෂණ කෝෂ තුල පිහිටා තිබෙන නිසා ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණයයි. වෘෂණ සහ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙන්නේ සිසිලනය සඳහායි. ශුක්‍රාණු අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා සිසිලනය පිණිස වෘෂණ කෝෂ ශරීරය...
a Complete Guide for Sinhala Men to understand the basics of wearing Lungi, Sarong, and Veshti to look hot in Sarama, along with basics to buy perfect fitting Underwear for Men.
😌
ReplyDelete