පිරිමි කැෂුවල් ඇඳුම් ප්‍රධාන වශයෙන් ටී ෂර්ට් හෝ ෂර්ට් සහ කලිසම් හෝ ඩෙනිම් කලිසම් ලෙස බෙදන්න පුළුවන්. මේ හැම එකකදීම පාට තුනකට වඩා යන්න එපා. එහෙම ගියොත් අච්චාරුවක් වෙයි. ඇඳුමේ වටිනාකම පේන විදියට ඇඳුම් ගලපන්න. ඒ වගේම හැම ඇඳුමක්ම තමන්ගෙ ඇඟේ ප්‍රමාණයට ගැලපෙන විදියට තෝරගන්න. ඇඟේ ප්‍රමාණයට වඩා විශාල ටීෂර්ට් සහ ෂර්ට් ඔබේ ඇඟේ හැඩය හංගනවා. බැගි ෂර්ට් ඇන්දෙ 90 ගණන් වල දැන් ඒව එච්චර ගනන් ගන්නෙ නෑ. ඔබ කෙට්ටු නම් ඒ ගැන වද වෙන්න එපා. හැමෝම ලස්සනයි. ලොකු ඇඳුම් ඇන්ද කියල ඔබ ලොකුවට පේන්නෙ නෑ. එහෙමයි කියල කිටි කිටියට හිර ඇඳුම් ගන්නත් එපා. ටී ෂර්ට් හෝ ෂර්ට් වල, කර ළඟින් ගානට හරි ගිය තරමින් ඉතිරි ටික නිකන්ම හරියන්නෙ නෑ. එක එක අයගෙ ශරීරයේ හැඩ පරිමාණ වෙනස් සමහරුන්ගෙ උරෙස් පළල් ඒත් ඉණ ටිකක් පොඩියි. තවත් සමහරුන්ගෙ බෙල්ල මහතයි. ඒ නිසා හැම තැනින්ම ගානට හරියන ඇඳුම් විතරක් තෝරගන්න. නිතරම ටී ෂර්ට් සහ ෂර්ට් තෝරන විට උරහිස සහ අත අසල මැස්ම නිවැරද තැන තියනවද බලන්න. එම මැස්ම තියෙන්නෙ උරහිසෙන් ඉහල හෝ පහල නම් ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ. ඔබේ උස අනුව ටී ෂර්ට් හෝ ෂර්ට් වල උස තෝරගන්න. විශේෂයෙන්ම ඕනෑවට වඩා උස ටී ෂර්ට් ඇන්...
a Complete Guide for Sinhala Men to understand the basics of wearing Lungi, Sarong, and Veshti to look hot in Sarama, along with basics to buy perfect fitting Underwear for Men.