Skip to main content

කොන්ඩෙ පිළිවෙලට තියාගන්න පාවිච්චි කරන දේවල්

කෙනෙකුගෙ පෞරුෂය පෙනෙන හොඳම සාධකයක් ඒ කෙනාගෙ කොන්ඩෙ. මීට කලින් ලිපියක හෙයා ස්ටයිල් ගැන මම ලිපියක් ලිව්ව මතක ඇතිනෙ. කොන්ඩෙට කොච්චර ස්ටයිල් දැම්මත් වැඩක් නෑ ඒක හරියට පිළිවෙලකට කලේ නැත්නම් තේරුමක් නෑ.

කොන්ඩෙ පිළිවෙලට තියාගන්න ගොඩක් දෙනා ගොඩක් දේවල් භාවිතා කරනව. මේ අතර ඉතාම ප්‍රසිද්ධ ඒ ව‍ගේම බහුලව භාවිතා වෙන දෙයක් හෙයා ජෙල් (Hair Gel). රුපියල් 5 සැෂේ පැකට්ටු වල ඉඳන් රුපියල් 6-700 දක්වා හෙයාජෙල් වෙළඳපොලේ තියනව. මීට අවුරු ගානකට කලින් හෙයාක්‍රීම් බහුලව භාවිතා වුනත් දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ හෙයා ජෙල්. ඔයාල හෙයා ජෙල් ගන්නකොට මුලින්ම බලන්න ඒක තමන්ගෙ කොන්ඩෙට ගැලපෙනවද කියල. ඒක කරන්නෙ කොහොමද?

Men Hair Styles Tips

සමහර හෙයාජෙල් වර්ග වඩාත් ගැලපෙන්නෙ ස්ටයිලින් වලට (උදා- ගුඩ් ලුක්) මේවා හොඳින් ඇලවෙන නිසා කොන්ඩෙ හොඳින් ඇලවිලා හිටිනව. ඒත් තවත් සමහර ජෙල් වර්ග ආලේප කලාම කොන්ඩෙ තියෙන්නෙ බුරුල්ව. (උදා- ගැට්ස්බි) තමන්ට කොන්ඩෙ තියාගන්න අවශ්‍ය විධිය ගැන හිතල ජෙල් වර්ගය තෝරගන්න.

අනිත් දේ හෙයාජෙල් ආලේප කරන්න කලින් කොන්ඩෙ හොඳින් තෙත් කරන්න. තුවායක් අරන් හොඳින් පිහදාන්න හැබැයි තෙත ගතිය යන්තම් ඉතුරු කරන්න. එතකොට හෙයාජෙල් ඉතාමත්ම ලේසියෙන් ආලේප කරන්න පුළුවන්. ඒවගේම හෙයාජෙල් ආලේප කරල දවස අවසානයේ අනිවාර්යෙන් ඔළුව හොඳින් පිරිසිදු කරගන්න. හෙයාජෙල් එක්ක නින්දට යන එක නරක පුරුද්දක්. කොන්ඩෙ පැලෙන්න, ඉදෙන්න වගේම ගැලවෙන්න ඉඩතියනව.

තමන්ට අවශ්‍ය සැහැල්ලු ඒත් අවුල්නොවෙන ස්ටයිල් එකක් නම් හෙයාජෙල් වෙනුවට හෙයා මූස් (Hair Mousse) එකක් පාවිච්චි කරල බලන්න. මේක හෙයාස්ප්‍රේ වලට ගොඩක් දුරට සමානයි ඒත් ආලේපයක් විදියට භාවිතා කිරීම ඉතාමත්ම පහසුයි. පාවිච්චි කරන් කලින් බෝතල‍ය හොඳින් සොලවන්න. ගොඩක් වෙලාවට මූස්, ජෙල් වලට වඩා මිලෙන් අධිකයි. ජෙල් වලට වගේ මූස් වලට කොන්ඩෙ තෙත් කිරීම එතරම් අවශ්‍ය නැහැ. කෙලින්ම ආලේප කරන්න පුළුවන්.

මූස් භාවිතයෙන් තදින් එකට ඇළුනු නැති ඒත් හොඳ පෙනුමක් සහිත සැහැල්ලු පෙනුමක් ලබාගන්න පුළුවන්. ඒත් මතක ඇතුව දවස අවසානයේදී කොන්ඩය හොඳින් සෝදගන්න. විශේෂයෙන්ම ෂැම්පු වර්ගයක් භාවිතා කරනවානම් ඉතා පහසුවෙන් සාමාන්‍ය සේදිමකින් නොයන, සමහර මූස් වර්ගවල තියන ඇලෙනසුළු ගතිය කොන්ඩෙන් සම්පූණයෙන්ම යවාගන්න පුළුවන්.

අපි කලින් කතාකරපු ජෙල් සහ මූස් කියන දෙකම භාවිතා කරන්නෙ ඇලෙනසුළු ද්‍රව්‍ය. මේවා භාවිතයෙන් පස්සෙ අනිවාර්යෙන් කොන්ඩය සෝදාගත යුතුයි. ඒත් මීළඟට අපි කතා කරන්න යන්නෙ එහෙම කරන්න අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍යක් ගැන.

හෙයා වැක්ස් (Hair Wax) කලින් කියපු ජෙල් සහ මූස් වලට වඩා මිලෙන් අධිකයි. ඒත් හිසකෙස්වලට හිතකරයි. වැක්ස් කියන්නෙ ඉටි වගේ ද්‍රව්‍යක්. මේක කොන්ඩෙ ගාන්න ඕනෙ ඉතාමත් සුළු වශයෙන්. වැක්ස් භාවිතයෙන් ස්ටයිල් කරන්න ටිකක් අමාරුයි. ඒත් ඔබේ කොන්ඩයේ අමුතු තෙත් පෙනුම දවසම තියාගන්න මේකෙන් පුළුවන්. ජෙල් හෝ මූස් වලින් සිදුවන කොන්ඩය වියලීම මින් සිදුවන්නේ නැහැ. කොන්ඩයේ තෙල් ආලේප කලා වගේ.

ඒත් වැක්ස් අධික ලෙස භාවිතා කරන්න එපා. ඊළඟට දවස අවසානයේ හිස පිරිසිදු කිරීම අනිවාර්ය නැහැ. ගොඩක් දෙනා ගෙදර යන්නෙ ගොඩක් රෑ වෙලා නිසා රෑට නාන්න කැමති නෑ. මේ වගේ අයට වැක්ස් ගොඩක් ගැලපෙනවා. ඒත් වැක්ස් එක් වරක් භාවිතයෙන් පසුව අනිවාර්යයෙන් හිස පිරිසිදු කිරීම වැදගත්.

ඔය කොයි වර්ගය පාවිච්චි කලත් ඒවා කෙස් ගසේ මුලේ (root) ආලේප නොකල යුතුයි. කෙස් ගස වර්ධනය වීමට එය බාධාවක්. විශේෂයෙන් ජෙල් සහ මූස් කෙස් ගසේ ඉහල කොටසේ පමණක් ආලේප කරන්න.

කොහොම උනත් මේ එක දෙයක් හෝ භාවිතා නොකිරීමට තීරණය කිරීමත් හොඳ දෙයක්. අනං මනං වර්ග නිතරම කොන්ඩෙ ගාන එක එච්චර හොඳ දෙයක් නෙමේ. කෙස් වර්ධනයට ඒක බාධාවක්. සමහරු කිසිම දෙයක් ආලේප නොකිරීමට තීරණය කිරීම මීට හේතුව වෙන්න පුළුවන්. ඒත් ඔබ දැඩි හිරු එළියේ යනවා නම් කුමක් හෝ තෙල් වර්ගයක් ආලේප කිරීම වැදගත්. විටමින් E අඩංගු හෙයා ඔයිල් වර්ග වෙළඳපලේ ඕනි තරම් තියනවා. ජෙල්, මූස් හෝ වැක්ස් පාවිච්චි නොකරනවානම් මේ වගේ තෙල් වර්ගයක් පාවිච්චි කිරීමෙන් දැඩි හිරු එලිය නිසා ඔබේ හිස කෙස් දුර්වර්ණ වීම, හැලී යාම සහ පැලීම අවම කරගන්න පුළුවන්.

Thanks කොල්ලන්ට ෆැෂන් Tips

Comments

කියවීමට කැමතිද? තව ඔනත?

නූල කඩා ගන්න ඕනමද ?

අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේම අවයව පිළිබඳ හරිහැටි දැනුමක් නොමැතිකම. මේ කරුණු ඇත්තටම විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පාසැලෙන් දිය යුතු දැනුම වුනත්, බොහෝ දෙනෙකු තමන්ගේම අවයව ගැන දැන ගන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා.. නැතිනම් ලිංගික දැනුම පිළිබඳ පිටුවක මහා ගොං ප්‍රශ්නයක් අහලා. ඒ නිසා නියම තොරතුරු ලැබෙන්නෙත් නැහැ. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වන්නේ ප්‍රජනක සෛල (ශුක්‍රාණු) නිෂ්පාදනය, පවත්වාගෙන යාම, ශුක්‍ර තරලය නිෂ්පාදනය සහ ප්‍රවාහනය සංසර්ගය අවසානයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය මුදාහැරීම පුරුෂ ලිංගික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මෙන් නොව, පුරුෂ ප්‍රජනක පද්ධතියේ බොහෝ අවයව පිහිටා ඇත්තේ ශරීරයෙන් පිටතයි. මෙම අවයව වන්නේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ වෘෂණ යන තුනයි. වෘෂණ දෙක වෘෂණ කෝෂ තුල පිහිටා තිබෙන නිසා ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණයයි. වෘෂණ සහ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙන්නේ සිසිලනය සඳහායි. ශුක්‍රාණු අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා සිසිලනය පිණිස වෘෂණ කෝෂ ශරීරය...

පිරිමි යට ඇඳුම් ගැන දැනුවත් වෙමු - ජොකා

ඉස්සර ජොක්කු විකුණද්දි කෑ ගහන්නේ මෙන්න මෙහෙමයි."අල ගෝනි කරනවා", "චණ්ඩියා මෙල්ල කරනවා", "මීයාට කූඩූවක්". අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. (අතිශයින්ම පිරිමින්ට පමණයි!!)

පිරිමි අපි සරම, ලුන්ගිය, සහ වේස්තිය අඳිමු

සරමට කැමති සිංහල කොල්ලො! පුර්ෂයන්ගේ මනා පෞරුශය, කඩවසම් බව, සරාගී ලීලාව ඉතාමත් කදිමෙට පෙන්වන ඇදුම් අතර සරම, වේට්ටිය හා දෝතිය ලොකයේ රජ කරවා. අපි ඒ ගැන හරියටම දැනුවත් වෙමු. ගැම්මට අඳිමු සරම, ලුන්ගිය, සහ වේස්තිය 👉 සරම් වේට්ටි අඳින්නෙ කොහොමද, 👉 තෝරාගන්නේ කොහොමද, 👉 අඳින අයට තියන ගැටලු මොනවාද 👉 ඇන්දාම තියෙන වාසි මොනවාද ආදී... ඔයාලා මෙතෙක් නොදත් කාරනා සියල්ල ගැන දැනගන්න. "ගැම්මට අඳිමු සරම, වේස්තිය" ( මෙමෙ ලීපිය 18+ වැඩිහිටි පිරිමි සදහා පමණයි - කාන්තාවන් දැනුවත් විම අවාසි විය හැක ) How to wear Sarong, Lungi, and Veshti? a Complete Guide in Sinhala සම්පූර්ණ ලිපිය කියවන්න 1. වේස්තිය(Vesthi), දෝතිය (Dhothi) ඉඳිකටු තුඩක් වත් නොඇනුනු තනි පාට යම් බෝඩරයක් සහිත දුහුල් රෙද්දක් තමයි වේස්තිය කියන්නෙ. රියන් 4 (සරමේ පළල), හා රියන් 8 හා ඊට වැඩි වශයෙන් වේස්ති තියනවා. රියන් 8න් තමයි දෝතිය අඳින්නෙ. ඉස්සර මේ බෝඩරේ අනුව ඒ අදින කෙනාගේ කුළය කියනවා. ඉන්දියාවේ තරුණ සමාජය අතර දැන් වේට්ටියෙ අළුත්ම ආකාරයෙන් සමාජ ගතවේලා තියවා. නවීන මෝස්තර හා ඊට ගැලපෙන් ආභරන පැලදෙගෙන කොල්ලෝ ගැන්සි බහිනවා. විවිද උත්සව වලට ...