රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න.
රැවුල බෑමට වඩාත් සුදුසු වන්නේ සම තෙත්වත්,මෘදුවත් ඇති අවස්ථාවකි.රැවුල් ගස් 30% පමණ ජලය උරා ගන්නා අතර එමගින් රැවුල් ගස් විශාල වීම සිදු වේ.එමගින් රැවුල් ගස් කැපී යාම පහසුවටත් තියුණුවත් සිදු වෙයි.එනිසා විශේෂයෙන්ම නෑමෙන් පසු ඒ සඳහා වඩාත් සුදුසුයනෑම අපහසු නම් රැවුල කැපීමට පෙර නෑමට අපහසු නම් රැවුල කැපීමට පෙර ජලයෙන් මුහුණ තෙත් කොට මිනිත්තු කිහිපයක් තබා ගැනීම සුදුසුය.
රැවුල කැපීමට Shaving Cream/foam වර්ගයක් භාවිතා කිරීම සුදුසුය.එමගින් රේසරය හොඳින් හැසිරවීම පහසු වන අතර වඩාත් සුමුදු කැපීමක් ලබා දෙයි.ආලේප කිරීමට shaving brush පාවිච්චි කළ හැකි නම් වඩාත් සුදුසුය.එමගින් රැවුල් ගස් කෙළින් කර ලීම සිදු කරන අතර වඩාත් සමීප කැපීමක් ලබා දෙයි.Shaving cream ආලේප කළ යුත්තේ මුහුණේ පහළ සිට උඩු අතටය.එමගින් රැවුල් ගස් හොඳින් කෙලින් වීම සිදු වී රැවුල බෑම පහසු වෙයි.
හොඳ තත්වයේ තියුණු තලයක් සහිත රේසරයක් භාවිතා කරන්න.සැබැවින්ම රැවුල කැපීමේදී රැවුල් ගස් කැපී යනවා පමණක් නොව මුහුණේ සමේ මතුපිට ස්ථරය ඉවත් වීමද සිදුවෙයි.මොට තලයක් මගින් මුහුණේ සමට හානි වීම සිදු වේ.
එමෙන්ම මොට තලයක්/blade මගින් රැවුල කැපීම නිසි ලෙස සිදු නොවන අතරම කැපීම් හා සීරීම් ඇතිවීමේ සම්භාවිතාවයද වැඩි වේ.
රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය.
රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.
කැපීම් කිහිපයකින් පසු රේසරය සෝදා ගැනීමට අමතක නොකරන්න.රැවුල කැපීම අවසාන වීමෙන් පසු රේසරය සෝදා තබන්න.එය පිස දැමීමෙන් වළකින්න.එමගින් රේසරය ඉක්මනින් මොට වීම සිදු වෙයි.
රැවුල කැපීමේදී මුහුණේ මතු පිට ස්ථරය ඉවත් වන අතර සම සංවේදී වෙයි.එනිසා Moisturizer/After Shave Lotion වර්ගයක් ආලේප කිරීම සුදුසුය.එමගින් සමේ යහ තත්වය හොඳින් පවත්වා ගත හැක.
රැවුල බෑම ගැන
මේක ටිකක් මාළු බානව වගේ වැඩක් තමා. හොඳ රැවුල බෑමකට සැලකිය යුතු කාලයක් වැය වෙනවා වගේම ඉවසීමකුත් තියෙන්න ඕනි. විශේෂයෙන්ම උදේට රැවුල බාන වැඩේ ඉවසීමෙන් කරන්න ඕනි. හදිස්සියට කරන්න ගියොත් තුවාල වෙන්න පුළුවං වගේම දවසම ප්ලාස්ටර් ගහගෙන ඉන්නත් වෙයි.
උදේ නැගිට්ට ගමන් රැවුල බාන්න එපා. මූණේ හම ටිකක් ඇදෙන්න දෙන්න. එතකං ඔන්න තේ එකක් බොන්න වෙලාව තියනව. ඔක්කොටම කලිං, රැවුල ගොඩක් වැවිල නම් කතුරක් අරං ට්‍රිම් කරගන්න පුළුවන්. එතකොට රැවුල බානකොට වේදනාව අඩුයි. මුලින්ම මූණ මඳ උණුවතුරෙන් සෝදගන්න. මඳ උණු වතුර නිසා රැවුල් ගස් කෙලින් වෙනවා. එතකොට රැවුල බාන්න ලේසියි. මූණ උණු වතුරෙන් සේදුවට රේසරය සෝදන්න ඕනි ඇල් හෝ අයිස් වතුරෙන්. එතකොට හොඳට කැපෙනව.
දැන් ශේවිං ක්‍රීම් ගාගන්න. එතකං රේසර් එක අයිස් හෝ ඇල් වතුරේ දාල තියන්න පුළුවන්. ශේවිං ක්‍රීම් වෙනුවට සබන් පාවිච්චි කරන්න එපා. සබන් නිසා රේසරය කැපෙනගතිය අඩි වෙනවා. මේ නිසා රැවුල බෑවට පස්සෙ මූණ දනව වගේ දැනෙයි. ශේවිං ක්‍රීම් ගොඩක් පාවිච්චි කරන්නත් එපා. සාමාන්‍ය ගානට ගාගන්න. ශේවිං ක්‍රීම් හෝ ෆෝම් මුහුණේ උඩු අතට ගාගන්න.
රැවුල බාන්න හොඳ රේසරයක් තෝරා ගැනීමත් ඉතා වැදගත්. ඔය ලාබෙට තියන රේසර් වර්ග වල සමහර වෙලාවට තියෙන්නෙ බ්ලේඩ් තල එකයි. දෙකක් තිබුනත් ඒවයෙ නියම ප්‍රමිති නැත්නං තුවාල වෙන්න පුළුවං. ගොඩක් වෙලාවට එහෙම රේසර් පාවිච්චි කරන්න පුළුවන් දෙතුන් වතාවක් තමා. තල මාරු කරන්න පුළුවන් රේසර් තෝරගන්න. මේව ටිකක් ගනං උනාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවං. ඒ වගේම ඒවයේ බ්ලේඩ් තලය තියන කොටස ඉතාමත්ම නම්‍යශීලියි. මේ නිසා විශේෂයෙන්ම ගෙල ප්‍රදේශයේ රැවුල ඉතාමත්ම ලේසියෙන් බාගන්න පුළුවන්.
රැවුල බානකොට කම්මුල් ප්‍රදේශයෙන් ආරම්භ කරන්න. ඉහල සිට පහලට, දිගට, රේසරේ ඇදගෙන යන්න. පහල සිට ඉහලට අදින එක ඒතරම්ම හොඳ වැඩක් නෙමේ. මූණ සීරෙන්න පුළුවන්. නිතරම රැවුල බානකොට හම ඇදිල තියෙන්න ඕනි. මූණ දෙපැත්තට හරවනකොට මතක ඇතුව මූණ ඇල කරන්න එපා. එහෙම කලොත් කන් දෙක ළඟ කොන්ඩෙ ඉවර වෙන තැන කපනකොට ඇදවෙයි. රේසරේ වැඩිය තද කරන්න එපා. නිතරම හොඳ මුවහත් තලයක්ම පාවිච්චි කරන්න. රැවුල බාන අතරමග රේසරය විටින්විට මඳ උණුවතුරට දාන්න. එතකොට අර ශේවිං ක්‍රීම් සේදිලා යනව. කපන්න කලින් ආයෙත් අයිස් හෝ ඇල් වතුරට දාන්න.
ඊ ළඟට නාසයට පහල රැවුල බාගන්න. එවගේම ගෙල සහ නිකට ආසන්න ප්‍රදේශය. විශේෂයෙන්ම නිකට ප්‍රදේශය සඳහා කෙටි කැපුම් භාවිතා කරන්න. සම්පූර්ණ මුහුණේම රැවුල බාල අවසන් වුනාම මුහුණ හොඳින් සෝදන්න. දැන් බලන්න මූණේ මඟ ඇරුනු තැන්. ඒ තැන් ආයෙමත් රේසරෙන් බාගන්න වෙනව. සියල්ල අවසන් වුනාම මුහුණ සීතල වතුරෙන් හොඳින් සෝදගන්න. සීතල වතුර නිසා මූණේ සීරුණු තැන් වලට සහනයක් දැනෙයි. මීළඟට After Shave ස්වල්පයක් මුහුණේ ආලේප කරන්න පුළුවන්. නැත්නම් මොයිස්චරයිසර් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්.
Thanks: තරුණයා Blog, කොල්ලන්ට ෆැෂන් Tips
Comments
Post a Comment