Skip to main content

කොන්ඩම් පිළිබඳ කරුණු කිහිපයක්

අපි හැමෝම දන්නා විදියට,කොන්ඩම් පාවිච්චි කිරීම හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් වගේම ලිංගිකව බෝවෙන රෝග වලින් බේරීමට හොඳ ක්‍රමයක්.කොන්ඩම් පහසුවෙන් මිලදී ගන්න පුලුවන් වගේම පාවිච්චි කරන්නත් පහසුයි. ඒ වුනාට කොන්ඩම් වලින් නිසි ආරක්‍ෂාව ලබා ගන්න නම් එය නිසි පරිදි පාවිච්චි කළ යුතුයි වගේම කරුණු කිහිපයක් ගැනත් හොඳින් සැළකිලිමත් විය යුතුයි.

කොන්ඩම් සැම විටකම සිසිල්,වියලි ස්ථානයක තබන්න. Purse/Wallet තුළ condom තාවකාලිකව රඳවා ගත හැකි වුනත් දීර්ඝ කාලීනව ඒවා තුළ තබා ගැනීම සුදුසු නෑ.නිතරම තැලෙන පොඩි වන නිසා කොන්ඩමයට හානි විය හැකියි.

Men Condoms and Lubricants

සෑම විටකම පාවිච්චියට පෙර කල් ඉකුත් වීමේ දිනය පසුවී ඇත්දැයි බලන්න​.කල් ඉකුත් වී ඇත්නම් පාවිච්චියට නුසුදුසුය​.


Latex /රබර් කොන්ඩම් භාවිතා කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක්/lubricant ලෙස භාවිතා කළ යුත්තේ Water Based Lubricants පමණි (e.g. KY Jelly). Oil based lubricants භාවිතය සුදුසු නැත​.

රබර්/latex අසාත්මික පිරිමින්ට Latex condoms භාවිතය සුදුසු නැත​.ඔවුන් Polyurethane වැනි synthetic condom වර්ගයක් පාවිච්චි කළ යුතුය​.

Polyurethane condom සමග ඕනෑම lubricant වර්ගයක් භාවිතා කළ හැක​.Water or Oil based.

ශුක්‍රාණු නාශක ද්‍රව්‍යය/spermicide අඩංගු condom භාවිතා නොකරන්න​.ඒවායින් අමතර වාසියක් අත් නොවන අතර සමහර විට ඔබට හානිකර විය හැකියි. අලුත්ම පරීක්‍ෂණ වලට අනුව ඒවායින් රෝග බෝ වීමේ අවදානම වැඩි කරයි.

ඔබට ශුක්‍ර මෝචනය පමා කර ගැනීමට අවශ්‍යය නම්  desensitizing condom වර්ගයක් පාවිච්චි කරන්න.ඒවායේ benzocaine වැනි නිර්වින්දකයක්/local anesthetic gel සුලු වශයෙන් ඇතුළත් කර ඇත​.ඒවා ක්‍ෂණික මෝචනය පමා කිරීමට උපකාරී වෙයි. e.g.: Stamina Condoms

උපත්පාලන කොපු

උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමට ඇති හැකියාවයි. එසේ වූවත් උපත් පාලන කොපු භාවිතය පිළිබඳ ජනතාවගේ දැන්වත් බව අඩු බවක් තියෙනවා. මේ නිසාම හරියට උපත් පාලන කොපු භාවිතා කරන්නේ කොහොමද කියලා කතා කරන එක වැදගත් කියලා. 

Use of Condom

උපත් පාලන කොපු කියන්නේ මොනවාද? (What is Condom)

අපි දන්නවා මේ වන විට ජනතාව අතර විවිධ වර්ග වල උපත් පාලන ක්‍රම තියෙනවා. ඒ අතර විව්ධ ස්වාභාවික ක්‍රම, හෝමොනමය ක්‍රම සහ බැරියර් මෙතර්ඩ් කියලා හදුන්වන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. මෙයින් උපත් පාලන කොපු කියන්නේ ඉතාම සාර්ථක බැරිය මෙතඩ් එකක් . සරලව කියනවනම් මෙයින් සිදුවන්නේ ස්ත්‍රී සහ පුරුෂ ලිංගේන්ද්‍රවල ගැටීම අඩු කරන එක. ඒ කියන්නේ එක්වීමේදි යොනිමාර්ගයේදි පුරුෂ ලිගුව ස්පර්ෂ වීමක් නොවෙනවා කියන එක නෙවේ. පිටවන ශුකාණු යොනී මාර්ගයට නිදහස් වෙන්නේ නැ කියන එක. ඉතීන් මේ සඳහා භාවිතා කරන්නේ ලේටෙක්ස් කියන වර්ගයේ රබර් වලින් හදපු ශිෂ්ණයේ දවටා ගන්න පුලුවන් කුඩා බැලුනයකට සමාන කොටසක්.

උපත් පාලන් කොපු භාවිතයේ වාසි මොනවාද? (Advantages of Male Condoms)

මාගේ අදහස් අනුවනම් බොහෝ තරුණ තරුණියන්ට කෙටිකාලීන උපත් පාලන ක්‍රමයක් (Short term contraceptive method)  ලෙස වඩාත්ම ගැලපෙන්නේ උපත් පාලන කොපු. ඊට අමතරව එහි වාසි (benefits)ගොඩක් තියෙනවා.

1. ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කිරීම (protect from STIs)

අපිට නිතර හමුවෙන සමහර රෝගීන් ලිංගික ශ්‍රමිකයන් (Commercial sex workers/ prostitutes) ඇසුරු කිරීම, ලිංගික සහකරුවන් (Polygamous relationships) කිහිප දෙනෙක් ඇසුරු කිරීම වගේ දේවල් කරන අය. ඉතින් මේ වගේ අයට උපත් පාලන ක්‍රමයක් වගේම ලිංගාශ්‍රිත රෝග වලින් මිදෙන්නත් තියෙන හොදම ක්‍රමය තමයි කොන්ඩම් භාවිතා කිරීම කියන එක. ඒ එක්කම මට නිතර තරුණ තරුණියන්ගෙන යොමුවන ගැටලුවක් තමයි හදීසි ගැබ් ගැනීම් (sudden unplanned pregnancies), ඉතින් විවාහයකට පෙර ලිංගික සංසර්ගයක (pre marital sex) යෙදෙනවනම් කොන්ඩම් පැලදීම අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක්.

2. පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම (Freely Available)

ඔබට ලංකාවේ ඕනෙම ප්‍රදේශයකදි ඉතා පහසුවෙන් කොන්ඩම් මිලදී ගන්න පුලුවන්. උදාහරණයක් විදියට ෆාමසි (pharmacy), පවුල් සෞඛ්‍යය සේවිකාවන් (Midwife) මගින්, සමහර සිල්ලර කඩ  වලින් පවා කිසිදු ගැටලුවකින් තොරව මේවා ලගා ගැනීමට පුලුවන් .

3. ලාබදායි වීම (cheap method)

 අපිට වෙලඳපොලට ගියාම විව්ධ මිල ගනන් වලට කොන්ඩම් මිලදි ගැනීමට පුලුවන්. රුපියල් කිහිපයක සිට එකක් රුපිඅයල් 100ක් පමණ වන විව්ධ වර්ගයේ කොන්ඩම් තියෙනවා. ඒවාගෙන් තමන්ට ගැලපෙන මුදලකට මේවා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

4. විව්ධ ආකාර වලින් ලබා ගැනීමට හැකිවීම (Available in different types)

ලිංගික සංසර්ගය උනත් ටිකක් කල් කරගෙන යද්දි ඒකාකරි වෙන්න පුලුවන්. ඉතින් ඒකට විවිධ විසදුම් තියෙනවා. ඒ අතර විවිධ වර්ගයේ කොන්ඩම් භාවිතයත් එක් ක්‍රමයක්. විශේෂයෙන් සමහර කොන්ඩම් වර්ග විව්ධ සුවදින් රසින් යුතුව නිපදවලා තියෙනවා. මේක ගොඩක් මුඛ සංසර්ගයට (oral intercourse) කැමති අයට සුදුසු දෙයක්. ඒ එක්කම විව්ධ ගනකම් වලින් යුතුව මේවා හදලා තියෙනවා. මෙහි විශේෂයෙන් ඉතා හොද ලිංගික ගැටීමක් බලාපොරොත්තු වෙන අයට ඉතා තුනී කොන්ඩමයක් භාවිත කරන්න පුලුවන් වගේම, ගුද සංසර්ගයක් වගේ දේකට කැමදි අයට තද ගතිය වැඩි එකක් භාවිතා කරන්නට පුලුවන්. ඉතින් මේ වගේ විවිධ වර්ගයේ කොන්ඩම් වර්ග ගනනාවක් තියෙනවා.

5. කෙටිකාලීන ක්‍රමයක් ලෙස වඩාත් සුදුසු වීම (Good as a Short term Contraceptive)

කෙටි කාලීන උපත් ක්‍රම කිහිපයක් තියෙනවා. මේ අතර උපත් පාලන පෙති , කොන්ඩම් වගේ කිහිපයක් තියෙනවා. මෙයිනුත් සමහර තරුණියන් පෙති භාවිත කිරීමට මැලි බවක් දක්වනවා. ඒ වගේ අවස්ථාවල උපත් පාලන කොපු පැලදීම ඉතා සාර්ථකයි.

Things to remember when we use condom

උපත් පාලන කොපු හැමෝටම සුදුසුද?

උපත් පාලන කොපු කොච්චර වාසි දායක ක්‍රමයක් වුනත් ඒවා හැමෝටම ගැලපෙන්නේ නැ. මොකද ඒවායේ තියෙන සමහර අවාසි නිසා, ඒවා හැමෝටම භාවිතා කරන්න සුදුසු වෙන්නේ නැ. උදාහරණයක් විදියට සමහර අය කැමතී තමන්ගේ සහකරු හෝ සහකාරියගේ ලිංගේන්ද්‍රය උපරිම වශයෙන් තමන්ගේ ලිංගේන්ද්‍රයේ ගැටෙන එකට, ඒ වගේ අයට මේක ගැලපෙන ක්‍රමයක් වෙන්නේ නැ. ඉතින් හැම දේකම වාසී වගේම අවාසිත් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ අවාසි මොනවද කියන එක.දේකම වාසී වගේම අවාසිත් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ අවාසි මොනවද කියන එක.

1. අසාත්මිකතා ඇතිවීමේ හැකියාව (Possible allergies to Latex)

අපි දන්නවා මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෙටෙක්ස් (Latex) කියන අමුද්‍රව්‍යය භාවිතා කරලා. නමුත් කාලාතුරකින් සමහර අයට ලේටෙක්ස් අසාත්මික (allergic) වෙන්න පුලුවන්. පුරුෂයාට හෝ කාන්තාවට ලේටෙක්ස් ඇලජික්නම් මේවා භාවිතා කිරිමේ හැකියාවක් නැ. කොහොම උනත් මේ වෙද්දි ලේටෙක්ස් නොවන අමුද්‍රව්‍යය (Non latex condoms) භාවිතාකරලා හදන කොන්ඩම් වෙලද පොලේ තියෙනවා. ඒවා මදක් මිලෙන් වැඩි උනත් එවැනි ඇලජික් තියෙන අයට මේවා සාර්තකව භාවිතා කරන්න පුලුවන්.

2. දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් ලෙස සුදුසු නොවීම (Not suitable as a Long term Contraceptive method)

අපි දන්නවා, එක එක්කෙනාගේ උපත් පාලන අවශ්‍යතා එකිනෙකට වෙනස් වෙනවා. සමහර තරුණ පවුල් කැමතී අවුරුදු 4-5 ක් පමණ දරුවෙක් ලැබීම ප්‍රමාද කරන්න. එවැනි අය දෛනිකව, එහෙමත් නැත්නම් නිතර සංසර්ගයේ යෙදෙනවානම් ඒ වගේ අයට මෙම ක්‍රමය සාර්ථක නැ. ඒ වගේ පුද්ගලයන් වෙනත් දීර්ඝ කාලින් ක්‍රමයක් ‍තෝරාගැනීම අවශ්‍යය වෙනවා.

3. ඉතා සමීප ගැටීමක් අවශ්‍යය යුවලකට නොගැලපීම

කලින් සඳහන් කර ඇති ආකාරයටම සමහර පුද්ගලයන් එකිනෙකාගේ ලිංගේන්ද්‍රයන්වල ගැටීම ඉතාම තදින් බලාපොරොත්තු වෙනවා. එවැනි යුගලකට මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් ලෙස භාවිත කිරීමට නොහැකියි. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් හෝ, ඉතා තුනී කොන්ඩමයක් භාවිත කිරීම අවශ්‍යය වෙනවා.

4. නැවත නැවත භාවිත කල නොහැකි වීම (Not reusable)

සමහර පුදගලයන් කොන්ඩම් සොදා නැවත නැවත භාවිතා කරන්නට පුරුදු වී සිටිනවා. නමුත් එය එතරම් සුදුසු ක්‍රමයක් ලෙස හඳුන්වන්නට නොහැකියි. මොකද කියනවානම් එමගින් බොහෝ ගැටලු ඇතිවිය හැකියි.

උපත් පාලන කොපු නිවැදිව භාවිත කරන්නේ කෙසේද?

How to use Male Condom in Sinhala

  • නිසි පරිදි සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබන්න
  • පලුදු වු ඒවා ඇත්නම් පැකට්ටුව සමගම ඉවත් කර දමන්න.
  • භාවිතයට පෙර කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කර බලන්න.
  • පැකට්ටුව විවෘත කිරීමට කතුරු වැනි ආයුධ භාවිතා නොකරන්න. එමගින් කොපුවට හානි පැමිනිය හැකිය
  • විවෘත කල පසු පළමුව ඉදිරිපස කොටස මදක් තදකර වාතය හිරවී ඇත්නම් ඉවතට යාමට සලස්වන්න.
  • ඉන්පසු එය ප්‍රාණවත් වු ශිෂ්ණය මත පලදින්න.

කොන්ඩමයක් ඉවත් කිරීම (Removal of Condom)

සංසර්ගයෙන් පසු කොන්ඩමය ඉවත් කිරීම සහකාරිය විසින් සිදුකිරීම වඩාත් උචිතය. මෙහිදී කඩදාසි කැබැල්ලක් භාවිතයෙන් එය ඉවත් කරන්න. පසුව එය ඔතා විනාශ කර තබන්න. කිසි විටෙක වැසිකිලි තුලට නොදමන්න.

උපත් පාලන කොපු භාවිතයේදි නොකල යුතුදේ

නැවත නැවත භාවිතය

සමහර පුද්ගලයන් සේදීමෙන් පසුව නැවත වරක් භාවිතා කිරීම සිදුකරන අවස්ථා දක්නට ලැබේ. එමගින් ලිංගාශ්‍රිත රෝග පැතිරීම, කොපුව පුපුරා යාම වැනි ගැටලු ඇතිවිය හැකිය.

විවිධ ස්නේහක භාවිතය.

කොන්ඩමය සමග නිෂ්පාදනයේදීම ස්නේහක ද්‍රව්‍යය ඇතලත් කර ඇත. එබැවින් නැවත වරක් ඒවා භාවිත කිරීම අවශ්‍යය නොවේ. එසේ වුවහොත් ඒවා පුපුරා යාමට වැඩි ඉඩක් පවතී.

අප්රාණික ලිංගේන්ද්‍රය මත පැලදීම

මෙයද නිසි මෙහි නිසි කාර්යක්ෂමතාව නැතිවීමට හේතු වී ඇත.

උපත් පාලන කොපු වෙනුවට වෙනත් විසදුම් ඇත්ද?

උපත්පාලන කොපු වෙනුවට වෙනත් උපත් පාලන ක්‍රම භාවිත කල හැකියි. විශේෂයෙන් ගිලින් පෙති වඩාතම ජනප්‍රිය ක්‍රමයක් ලෙස දක්වන්නට පුලුවන්. කොහොම උනත් මේවාගෙන උපත් පාලන කොපු මගින් ලැබෙන විශේෂ වාසියක් වන ලිංගාශ්‍රිත රෝග වලින් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැ.

Men Condom Expiry Date

Thank You Dr. Sanjaya U Jayasooriya, තරුණයා Blog

Comments

කියවීමට කැමතිද? තව ඔනත?

නූල කඩා ගන්න ඕනමද ?

අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේම අවයව පිළිබඳ හරිහැටි දැනුමක් නොමැතිකම. මේ කරුණු ඇත්තටම විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පාසැලෙන් දිය යුතු දැනුම වුනත්, බොහෝ දෙනෙකු තමන්ගේම අවයව ගැන දැන ගන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා.. නැතිනම් ලිංගික දැනුම පිළිබඳ පිටුවක මහා ගොං ප්‍රශ්නයක් අහලා. ඒ නිසා නියම තොරතුරු ලැබෙන්නෙත් නැහැ. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වන්නේ ප්‍රජනක සෛල (ශුක්‍රාණු) නිෂ්පාදනය, පවත්වාගෙන යාම, ශුක්‍ර තරලය නිෂ්පාදනය සහ ප්‍රවාහනය සංසර්ගය අවසානයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය මුදාහැරීම පුරුෂ ලිංගික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මෙන් නොව, පුරුෂ ප්‍රජනක පද්ධතියේ බොහෝ අවයව පිහිටා ඇත්තේ ශරීරයෙන් පිටතයි. මෙම අවයව වන්නේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ වෘෂණ යන තුනයි. වෘෂණ දෙක වෘෂණ කෝෂ තුල පිහිටා තිබෙන නිසා ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණයයි. වෘෂණ සහ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙන්නේ සිසිලනය සඳහායි. ශුක්‍රාණු අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා සිසිලනය පිණිස වෘෂණ කෝෂ ශරීරය...

පිරිමි යට ඇඳුම් ගැන දැනුවත් වෙමු - ජොකා

ඉස්සර ජොක්කු විකුණද්දි කෑ ගහන්නේ මෙන්න මෙහෙමයි."අල ගෝනි කරනවා", "චණ්ඩියා මෙල්ල කරනවා", "මීයාට කූඩූවක්". අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. (අතිශයින්ම පිරිමින්ට පමණයි!!)

පිරිමි අපි සරම, ලුන්ගිය, සහ වේස්තිය අඳිමු

සරමට කැමති සිංහල කොල්ලො! පුර්ෂයන්ගේ මනා පෞරුශය, කඩවසම් බව, සරාගී ලීලාව ඉතාමත් කදිමෙට පෙන්වන ඇදුම් අතර සරම, වේට්ටිය හා දෝතිය ලොකයේ රජ කරවා. අපි ඒ ගැන හරියටම දැනුවත් වෙමු. ගැම්මට අඳිමු සරම, ලුන්ගිය, සහ වේස්තිය 👉 සරම් වේට්ටි අඳින්නෙ කොහොමද, 👉 තෝරාගන්නේ කොහොමද, 👉 අඳින අයට තියන ගැටලු මොනවාද 👉 ඇන්දාම තියෙන වාසි මොනවාද ආදී... ඔයාලා මෙතෙක් නොදත් කාරනා සියල්ල ගැන දැනගන්න. "ගැම්මට අඳිමු සරම, වේස්තිය" ( මෙමෙ ලීපිය 18+ වැඩිහිටි පිරිමි සදහා පමණයි - කාන්තාවන් දැනුවත් විම අවාසි විය හැක ) How to wear Sarong, Lungi, and Veshti? a Complete Guide in Sinhala සම්පූර්ණ ලිපිය කියවන්න 1. වේස්තිය(Vesthi), දෝතිය (Dhothi) ඉඳිකටු තුඩක් වත් නොඇනුනු තනි පාට යම් බෝඩරයක් සහිත දුහුල් රෙද්දක් තමයි වේස්තිය කියන්නෙ. රියන් 4 (සරමේ පළල), හා රියන් 8 හා ඊට වැඩි වශයෙන් වේස්ති තියනවා. රියන් 8න් තමයි දෝතිය අඳින්නෙ. ඉස්සර මේ බෝඩරේ අනුව ඒ අදින කෙනාගේ කුළය කියනවා. ඉන්දියාවේ තරුණ සමාජය අතර දැන් වේට්ටියෙ අළුත්ම ආකාරයෙන් සමාජ ගතවේලා තියවා. නවීන මෝස්තර හා ඊට ගැලපෙන් ආභරන පැලදෙගෙන කොල්ලෝ ගැන්සි බහිනවා. විවිද උත්සව වලට ...